Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 13:28 - සිංහල කාලීන පරිවර්තනය

28 “අත්තික්කා ගසෙන් මේ පාඩම ඉගෙන ගන්න. එහි රිකිලි මෘදු වී, ඒවායේ කොළ ලියලන විට, ගිම්හාන කාලය ළඟා වී ඇති බැව් ඔබ දනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 “අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ බව ඔබ දන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 “අත්තික්කා ගසෙන් පාඩමක් ඉගෙනගන්න. එහි ළපටි අතු මතු වී, කොළ ලියලන කල ගිම්හානය ළඟ බව ඔබ දන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 අත්තික්කා ගහේ උපමාව ඉගෙනගන්න. එහි අත්ත මෘදුව කොළ හටගන්න කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:28
5 හුවමාරු යොමු  

මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.


තවද උන්වහන්සේ තමන් තෝරා ගත්තවුන් සිවු දෙසින් ම රැස් කරන පිණිස, පොළෝ සීමාන්තයේ සිට අහස් සීමාන්ත දක්වා සුර දූතයින් යවන සේක.


එලෙසම මේ දේවල් සිදුවනු දකින කල, උන්වහන්සේ අත ළඟ වග, දොරකඩ ළඟම බව දැනගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්