Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 11:3 - සිංහල කාලීන පරිවර්තනය

3 යම් කෙනෙක් ඔබට කතා කොට, ‘ඇයි ඔබ මෙහෙම කරන්නේ?’ යි ඇසුවහොත් ‘ස්වාමින්වහන්සේට ඌ උවමනා ය, නො පමාව ඌ නැවත මෙහි එවනු ලැබේ ය’ කියා කියන්නැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ‘ඔබ මෙය කරන්නේ මන්දැ’යි යමෙකු ඇසුවොත්, ‘සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇත; නොපමාව ඌ ආපසු එවනු ඇතැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ‘ඔබ මෙය කරන්නේ මන්දැ’යි යමෙකු ඇසුවොත්, ‘සමිඳාණන් වහන්සේ හට උගෙන් වැඩක් ඇත; නොපමාව ඌ ආපසු එවනු ඇතැ’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුඹලා මේක කරන්නේ මක්නිසාදැයි යමෙක් නුඹලාට කියන්නේ නම්, ස්වාමීන්වහන්සේට උගෙන් ඕනෑකමක් තිබේ; උන්වහන්සේ වහාම ඌ ආපසු මෙහි එවනසේකැයි ඔහුට කියන්නැයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 11:3
11 හුවමාරු යොමු  

මන්ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබ දනිති. උන්වහන්සේ ධනවත් නමුදු ඔබ උදෙසා දිළිඳු බවට පැමිණියේ උන්වහන්සේගේ දිළිඳු බව තුළින්, ඔබ ධනවත් වන පිණිස ය.


හැම සතහට ජීවනය ද හුස්ම ද අන් සියලු දේ ද සපයා දෙන උන්වහන්සේ යම් හිඟකමක් ඇති කෙනකු සේ මිනිස් අත්වලින් ඇප උපස්ථාන නො ලබන සේක.


සියල්ලන්ගේම ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සාමයේ ශුභාරංචි ගෙනෙමින්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දුන් පණිවුඩය ඔබ දනී.


ඉන්පසු ඔවුහු යාච්ඤා කරමින්, “ස්වාමින්වහන්ස, හැමදෙනාගේ සිත් දන්නා ඔබ, මේ දෙදෙනාගෙන් ඔබ තෝරාගත් තැනැත්තා මෙම සේවයට හා අපට දැක්වුව මැනව.


අවශ්‍ය බඩු බාහිරාදියෙන් යුතු, සූදානම් කරන ලද විශාල උඩු මහල් කාමරයක් ඔහු ඔබට පෙන්වාවි. එතැන අපට පිළියෙල කරන්නැ” යි කී සේක.


ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න; ඔබ ඇතුල් වන කෙණෙහි, කිසි කලෙක කිසිවකු නො නැගුණු, බැඳ සිටින කොටළු වස්සකු ඔබට හමු වෙයි. ඌ ලිහා මෙහි ගෙනෙන්න.


ඔවුහු ගොස්, වීදියෙන් පිටත ගෙපිලක් අසල බැඳ සිටි කොටළු වස්සකු දැක, ඌ ලිහත්ම,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්