Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 10:12 - සිංහල කාලීන පරිවර්තනය

12 තවද ඈ තම ස්වාමියා අත්හැර, අන් පුරුෂයකු විවාහ කරගනී නම්, ඈ පරදාර සේවනයේ යෙදෙන්නී යැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ස්ත්‍රියක් ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණ පාවා ගන්නී නම්, ඈ ද කාමමිථ්‍යාචාරය කරන්නී ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඒ ස්ත්‍රී ඇගේ පුරුෂයා අත්හැර වෙන කෙනෙකු සරණපාවා ගන්නී නම්, ඈද කාමමිථ්‍යාචාරය කරන්නීයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 10:12
3 හුවමාරු යොමු  

ඇය වෙන්ව ගියහොත් ඇය අවිවාහකව සිටිය යුතු ය. නැතහොත් තම ස්වාමි පුරුෂයා හා යළි සමඟි විය යුතු ය. ස්වාමි පුරුෂයා ද තම භාර්යාව දික්කසාද නො කළ යුතු ය.


යම් ස්ත්‍රියකට ඇදහිලිවන්තයකු නො වූ ස්වාමි පුරුෂයකු සිටී නම්, ඇය හා විසීමට ඔහු මනාප නම්, ඇය ඔහුගෙන් දික්කසාද නො විය යුතු ය.


එහෙත් මා ඔබට කියන්නේ, ලිංගික අනාචාරයකදී හැර, තම භාර්යාව අත්හැර දමන කවරකු වුව, පරදාර සේවනයට ඇය යොමු කරවන වගයි. අත්හැර දමන ලද ස්ත්‍රියක ආවාහ කරගන්නා තැනැත්තා ද පරදාර සේවනයේ යෙදෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්