Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 1:31 - සිංහල කාලීන පරිවර්තනය

31 එවිට උන්වහන්සේ ඇය ළඟට අවුත්, ඇගේ අතින් අල්ලා නැගිට වූ සේක; උණ බැස ගියේ ය. ඕ උන්වහන්සේට සත්කාර කරන්නට වූවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 උන්වහන්සේ ඇවිත් ඇගේ අත අල්ලා ඈ නැගිටෙවුසේක; එවිට උණරෝගය ඈ කෙරෙන් පහව ගියේය, ඈ ඔවුන්ට උපස්ථානකළාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:31
9 හුවමාරු යොමු  

ඔහු ඇයට අත දී, සිටගන්නට සලසා, ඉන්පසු ශුද්ධවතුන් හා වැන්දඹුවන් කැඳවා, ජීවත් වන තබීතා ඔවුන්ට බාර කළේ ය.


යේසුස්වහන්සේ ඇගේ අත අල්ලා, “තලිතා කූම්!” යි කී සේක. මෙහි අරුත, “දැරිය නැගිටින්නැයි! මම ඔබට කියමි” යනුයි.


උන්වහන්සේ ගලීලයේ සිටියදී උන්වහන්සේ අනුව ගිය ඔවුන් උන්වහන්සේට උපස්ථාන කර තිබිණි. උන්වහන්සේ සමඟ යෙරුසලමට පැමිණි තවත් ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ.


දුරින් සිට එදෙස බලා සිටි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් ද එහි වූහ. ඔවුහු යේසුස්වහන්සේට උපස්ථාන කරමින් ගලීලයේ සිට උන්වහන්සේ අනුව ආවෝ වූහ.


සීමොන්ගේ නැන්දණිය උණෙන් පෙළෙමින් ඇඳට වී සිටියා ය. එකෙණෙහි ඔවුහු ඈ ගැන උන්වහන්සේට කීහ.


එදින සවස හිරු අවරට යන කල, ඔවුහු සියලු රෝගීන් ද යක්ෂාවේශවූවන් ද උන්වහන්සේ වෙත ගෙන ආහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්