Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 9:5 - සිංහල කාලීන පරිවර්තනය

5 කියන්නට වඩා පහසු කුමක් ද? ‘ඔබේ පාප කමා කරන ලදැ’ යි කීම ද නැතහොත්, ‘නැගිට ඇවිදින්නැ’ යි කීම ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 වඩා පහසු කුමක් ද? ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඇවිදින්නැ’යි කීම ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 වඩා පහසු කුමක් ද? ‘ඔබේ පව් කමා කරන ලදැ’යි කීම ද? නැතහොත්, ‘නැඟිට ඇවිදින්නැ’යි කීම ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 වඩා පහසු කොයි එකද? නුඹේ පව් නුඹට කමාකරනලදැයි කීමද? නොහොත්: නැගිට ඇවිදින්නැයි කීමද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 9:5
15 හුවමාරු යොමු  

එකල සයනයක හොවන ලද අංසබාග රෝගියකු කිහිප දෙනෙක් විසින් උන්වහන්සේ වෙත ගෙනෙන ලද්දේ ය. යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතමින්, “ධෛර්යවත් වන්න; පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.


කෙසේ වුවත්, පොළොවේදී පාප කමා කිරීමට මනුෂ්‍ය-පුත්‍රයාට බලය ඇති බව ඔබ දැනගන්නා පිණිස යැ” යි පවසා, ඉන්පසු අංසබාග රෝගියාට, “නැගිටින්න; ඔබේ යහන රැගෙන ගෙදර යන්නැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක, අංසබාග රෝගියා අමතා, “පුත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි කී සේක.


එවිට ඔවුන්ගේ ඇදහිල්ල දුටු යේසුස්වහන්සේ, “මිත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි පැවසූ සේක.


ඉන්පසු උන්වහන්සේ ඒ ස්ත්‍රිය අමතමින්, “ඔබේ පාප කමා කරනු ලැබී යැ” යි පැවසූ සේක.


දැන් ඔබ දකින, ඔබ හඳුනන මේ මිනිසා සවිමත්ව සිටින්නේ, උන්වහන්සේගේ නාමයෙන් සහ ඒ නාමය තුළ ඇදහීමෙනුයි. ඔබ හැමගේ ඇස් ඉදිරිපිට මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබ ඇත්තේ යේසුස්වහන්සේගේ නාමය තුළ ඇදහීම මඟිනි.


පේතෘස් ඔහු අමතමින්, “අයිනෙයස්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ඔබ සුව කරන සේක; නැගිටින්න! ඔබේ පැදුර අකුළා තබන්නැ” යි කීවේ ය. එකෙණෙහිම ඔහු නැගී සිටියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්