Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 9:34 - සිංහල කාලීන පරිවර්තනය

34 එහෙත් පරිසිවරු, “මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එහෙත් පරිසිවරු කතා කරමින්, “මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපතියාගේ අනුහසින් ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එහෙත් පරිසිවරු කතා කරමින්, “මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපතියාගේ අනුහසින් ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 නුමුත් ඵරිසිවරු: මොහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතියා කරණකොටගෙනයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 9:34
9 හුවමාරු යොමු  

එහෙත් සමහරෙක්, “මොහු යක්ෂාත්ම දුරු කරන්නේ, යක්ෂාධිපති බෙල්සෙබුල් මාර්ගයෙනැ” යි කීහ.


තවද යෙරුසලමෙන් පැමිණි දහම් පඬිවරු, “මොහුට බෙල්සෙබුල් ආවේශ වෙලා! මොහු යක්ෂාත්මයන් දුරු කරන්නේ යක්ෂාධිපති මාර්ගයෙනැ” යි කීහ.


නපුර කරන හැම කෙනෙක්ම ආලෝකයට වෛර කරනවාත් හැර, තම ක්‍රියා කලාපය හෙළිවෙතැයි බියෙන් ආලෝකයට එන්නේ ද නැත.


තම ගුරුවරයා හා සමාන වීම ගෝලයාටත්, තම ස්වාමියා හා සමාන වීම සේවකයාටත් සෑහෙයි. ගෘහ මූලිකයා බෙල්සෙබුල් යයි කියන ලද්දේ නම්, ඔහුගේ ගෘහ වාසීහු ඊට කොපමණ වැඩියෙන් අපහාස නො ලබත් ද?


මන්ද යොහන් පැමිණියේ කන්නේවත්, බොන්නේවත් නැතිවයි. එවිට ‘ඔහුට යක්ෂාත්මයක් වැහිලා’ යි කී ඔවුහු,


ඉන්පසු යක්ෂාත්මයක් වැහුණු, අන්ධවූත්, ගොළුවූත් මිනිහෙක් උන්වහන්සේ වෙත ගෙනෙන ලදී. කතා කරන්නටත්, දකින්නටත් හැකි වන සේ උන්වහන්සේ ඔහු සුව කළ සේක.


මා යක්ෂාත්ම දුරු කරන්නේ බෙල්සෙබුල් මඟින් නම්, ඔබේ පුතුන් උන් දුරු කරන්නේ, කවරකු මඟින් ද? එබැවින්, ඔවුන්ම ඔබගේ විනිශ්චයකරුවන් ය.


“ඔබට යක්ෂාත්මයක් වැහිලා; කවුරු ද ඔබ මරන්ට සොයන්නේ?” යි සමූහයා එවිට පිළිතුරු දුන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්