Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 8:22 - සිංහල කාලීන පරිවර්තනය

22 එහෙත් යේසුස්වහන්සේ, “මා අනුව එන්න, මළාහු තම මළවුන් වැළලුවා වේ” යි ඔහුට පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා අනුව එන්න; මළවුන්ගේ භූමදානය මළවුන් ම කළාවේ”යයි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මා අනුව එන්න; මළවුන්ගේ භූමදානය මළවුන් ම කළාවේ”යයි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 යේසුස්වහන්සේද: මා අනුව එන්න; මළාහු තමුන්ගේ මළවුන් භූමදානකරත්වයි ඔහුට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 8:22
17 හුවමාරු යොමු  

එනමුත් ප්‍රීතිවීම අපට යුතුයි. මන්ද ඔබේ මේ සහෝදරයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා” යි කී සේක.


ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණවූ සේක. අපගේ හැම පාපයකටම උන්වහන්සේ අපට සමාව දුන්නේ,


මන්ද පෙනෙන්නට සලස්වන හැම දෙයක්ම ආලෝකයයි. මෙසේ කියා ඇත්තේ එබැවිනි: “එම්බා නිදාසිටින්නාණනි, අවදි වන්න. මළවුන්ගෙන් නැගිට සිටින්න. එවිට, ක්‍රිස්තුස්වහන්සේ ඔබ මත්තෙහි බබළනු ඇත.”


අපගේ අපරාධ තුළ අප මැරී සිටියදී පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවනයට පැමිණවූ සේක. ඔබ ගලවනු ලැබ ඇත්තේ, අනුග්‍රහයෙනි.


ඔබගේ අපරාධ හා පාප තුළ ඔබ මැරී සිටි කාලයක් තිබිණි.


එහෙත් කෙළි දෙලෙන් සිටින්නී ජීවත්ව සිටියත් මැරිලා ය.


පසු දා යේසුස්වහන්සේ ගලීලයට යෑමට තීරණය කළ සේක. උන්වහන්සේට පිලිප් හමු වී, “මා සමඟ එන්නැ” යි ඔහු කැඳවූ සේක.


යේසුස්වහන්සේ එතැන් සිට ගමන් ගනිද්දී, මතෙව් නම් වූ මිනිසෙක් අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.


ගෝලයකු වූ වෙනත් කෙනෙක් උන්වහන්සේට කතා කොට, “ස්වාමිනි, පළමුව මා ගොස්, මගේ පියා භූමිදාන කරන්නට අවසර” යි කීවේ ය.


උන්වහන්සේ ගමන් ගනිද්දී, අල්පෙවුස්ගේ පුත් ලෙවී, අයබදු කාර්යාලයේ හිඳ සිටිනු දැක, “මා අනුව එන්නැ” යි ඔහුට කී සේක. එවිට ඔහු නැගිට, උන්වහන්සේ අනුව ගියේ ය.


“මා අනුව එන්නැ” යි උන්වහන්සේ වෙනත් කෙනකුට කී විට, ඔහු පිළිතුරු දෙමින්, “ස්වාමිනි, පළමුව මා ගොස්, මගේ පියා භූමිදාන කරන්නට අවසර” යි කීවේ ය.


යේසුස්වහන්සේ ඔහුට කතා කොට, “මළාහු තම මළවුන් වැළලුවා වේ. ඔබ ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ප්‍රකාශ කරන්නැ” යි කී සේක.


මන්ද මාගේ මේ පුත්‍රයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්‍රීති වන්නට වුණා.


උන්වහන්සේ එසේ කීවේ, කෙබඳු ආකාරයේ මරණයකින් ඔහු දෙවියන්වහන්සේ ගෞරවයට පමුණුවනවාදැයි පෙන්වා දීමට ය. එසේ කී පසු උන්වහන්සේ, “මා අනුගමන කරන්නැ” යි ඔහුට කී සේක.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා එන තුරු ඔහු හිඳීම මගේ කැමැත්ත නම්, ඒ ගැන ඔබට මොකද? ඔබ මා අනුගමන කරන්නැ” යි කී සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්