Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 7:22 - සිංහල කාලීන පරිවර්තනය

22 ඒ දවසේදී බොහෝ දෙනෙක් මා අමතමින්, ‘ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අපි දිවැසි වැකි නො කීවෙමු ද? ඔබගේ නාමයෙන් අපි යක්ෂාත්මයන් දුරු නො කළෙමු ද? ඔබගේ නාමයෙන් නොයෙකුත් ප්‍රබල ක්‍රියා නො කළෙමු දැ?’ යි කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දිවැස් වැකි නොකීවෙමු ද? ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් අනාගත වචන නොකීයෙමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකෙළෙමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකෙළෙමුදැයි මට කියනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 7:22
23 හුවමාරු යොමු  

මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.


එබැවින් දැන්, ධර්මිෂ්ඨකමේ ජයග්‍රාහී ඔටුන්න මා උදෙසා තබා තිබේ. ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් වන ස්වාමින්වහන්සේ ඒ දවසේ එය මට ප්‍රදාන කරනු ඇත. මට පමණක් නො ව, උන්වහන්සේගේ ප්‍රකාශ වීම, අභිරුචියෙන් බලා සිටින හැමටත් ය.


ඒ, ඔහු තමාගෙන්ම කී දෙයක් නො ව, එම වසරේ උත්තම පූජකයා ලෙසින් පැවසූ දිවැසි වැකියකි. එනම් යේසුස්වහන්සේ මියෙන්නේ යුදෙව් ජාතිය වෙනුවෙන් බවත්,


එහෙත් සහෝදරයිනි, ඒ දවස සොරෙකු මෙන් ඔබ පුදුම කරන්නට, ඔබ සිටින්නේ අඳුරේ නො වේ.


මා ඔබට කියන්නේ, ඒ දවසේදී එම නගරයට වඩා සොදොමට දැරිය හැකි වන බවයි.


“ඉන්පසු අනෙක් කන්‍යාවෝ පැමිණ, ‘ස්වාමිනි, ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කීහ.


“පියාණන්වහන්සේ පමණක් මිස, ඒ දවස හෝ ඒ පැය ගැන කිසිවකු දන්නේ නැත; ස්වර්ගයේ දේව දූතයින්වත්, පුත්‍රයාණන්වත් දන්නේ නැත.


“ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි,’ යි කියන හැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නේ නැත.


ඒ දවසේ ස්වාමින්වහන්සේගෙන් දයාව ලබන්නට ස්වාමින්වහන්සේ ඔහුට වර දෙන සේක්වා! එපීසයේදී ඔහු මට කළ නොයෙකුත් උපකාර ඔබත් හොඳින්ම දනී.


ස්වකීය ශුද්ධවන්තයින් තුළ ගෞරව මහිම ලැබීමටත්, අපේ සාක්ෂිය විශ්වාස කළ ඔබ ඇතුළු ඇදහිලිවත් සියල්ලන් අතරේ විස්මයක් ඇති කිරීමටත් ස්වාමින්වහන්සේ ආපසු පැමිණෙන දවසේ ය.


සැබවින් ම මා ඔබට කියන්නේ, විනිශ්චය දවසේදී ඒ නගරයට වඩා, සොදොම් හා ගොමොරා දේශයට දැරිය හැකි වන බවයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්