Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 6:34 - සිංහල කාලීන පරිවර්තනය

34 එබැවින් හෙට ගැන කනස්සලු නො වන්න. මන්ද හෙට දවස, හෙට දවස ගැන බලා ගනු ඇත. මන්ද ඊටම සෑහෙන කරදර හැම දවසකටම ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එබැවින් හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 එබැවින් හෙට දවස ගැන කනස්සලු නොවෙන්න. හෙට දවස ඒ ගැනම කරදරවන්නේය. දවසේ කරදරය ඒ දවසට සෑහෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 6:34
20 හුවමාරු යොමු  

අපගේ දිනපතා භෝජනය අද දින අපට දුන මැනව.


“එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද, බොන්නේ මොනවා ද කියා ඔබේ ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ඔබේ ශරීරය ගැනවත්, කනස්සලු නො වන ලෙසයි. කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද වටිනවා නො වේ ද?


කනස්සලු වීමෙන්, ඔබේ ආයු කාලය එක පැයකින්වත් දිගු කර ගත හැක්කේ ඔබෙන් කවරකුට ද?


එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කනස්සලු වෙමින්, නො සන්සුන් වෙලා.


අපගේ දිනපතා භෝජනය, හැම දිනකම අපට දුන මැනව,


“සිනගෝග ඉදිරියටත්, පාලකයින් හා අධිපතීන් ඉදිරියටත් ඔබ පමුණුවනු ලැබූ කල, නිදහසට කරුණු දක්වන්නේ කෙසේ ද කියා හෝ කිව යුත්තේ කුමක් ද කියා හෝ කනස්සලු නො වන්න.


උන්වහන්සේ තම ගෝලයින් අමතමින්, “එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද කියා ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ශරීරය ගැනවත් කනස්සලු නො වන ලෙසයි.


සාමය ඔබ සමඟ තබා යන්නෙමි; මාගේ සාමය ඔබට දෙන්නෙමි. මා ඔබට දෙන්නේ ලෝකයා දෙන විදියට නො වේ. ඔබගේ හදවත් කලබල වන්නට ඉඩ නො දෙන්න. බය නො වන්න.


“මේ සියල්ල මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ලැබෙන පිණිසයි. මෙලොවේදී ඔබට පීඩා ඇති වෙයි. එනමුත් ධෛර්යවත් වන්න; මම ලෝකයෙන් ජය ගත්තෙමි” යි පැවසූ සේක.


ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිරව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතුව ඇතැ” යි ඔවුහු කීහ.


කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදීම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතුව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න.


උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් බැවින්, ඔබගේ හැම තැවුල් උන්වහන්සේ වෙත හෙළා ලන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්