Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 6:19 - සිංහල කාලීන පරිවර්තනය

19 “කාවුන් කෑමෙන් හා මල බැඳීමෙන් විනාශ වන, සොරු කඩා වැදී, සොරාගන්නා පොළොවේ වස්තුව ඔබට ගොඩගසා ගැනීම නො කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 “මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවො‍් ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 “මෙලොව ඔබට වස්තු රැස්කර නොගන්න. මලකඩ ද කාවෝ ද ඒවා කාදමති. සොරු ද උමං කැණ ඒවා සොරාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබන්න; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 6:19
23 හුවමාරු යොමු  

මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද, “කොහෙත්ම මම ඔබ හැර නො යමි; කිසි කල ඔබ අත්හැර නො දමමි” යි උන්වහන්සේ පවසා තිබේ.


“දෙවියන්වහන්සේ හමුවේ පොහොසත් නො වී, තමන් උදෙසා වස්තුව රැස් කරන අය ඒ ආකාර වෙතැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ ඒ අසා, “ඔබට තවමත් එක් දෙයක් අඩුයි. ඔබ සතු හැම දෙයක්ම විකුණා දිළිඳුන්ට බෙදා දෙන්න. එවිට ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත; ඉන්පසු ඇවිත් මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.


මේ වත්මන් ලෝකයේ ධනවත්ව සිටින්නන්ට උඩඟු නො වන ලෙසත්, ඒ සා අස්ථිර ධනය කෙරේ බලාපොරොත්තු නො තබා, භුක්ති විඳින පිණිස අපට හැම දේම බහුලව සපයා දෙන දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තබන ලෙසත් අණ කරන්න.


ඔබ සන්තක දේ විකුණා දිළිඳුන්ට දෙන්න. දිරන්නේ නැති පසුම්බි හා පිරිහෙන්නේ නැති ස්වර්ගීය සම්පත් සපයා ගන්න. එහිදී සොරෙක් ඊට ළං වන්නේ නැත; කාවෝ ඒවා කා දමන්නේ නැත.


යේසුස්වහන්සේ ඔහු දෙස බලා, “ධනවතුන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීම කොතරම් අසීරු ද?


යේසුස්වහන්සේ ඔහු අමතමින්, “සම්පූර්ණ වීමට ඔබට ඕනෑ නම්, ගොස්, ඔබ සතු දෑ විකුණා දිළිඳුන්ට දෙන්න. ඔබට ස්වර්ගීක ධනය අත්වනු ඇත. ඉන්පසු අවුත්, මා අනුගමන කරන්නැ” යි පැවසූ සේක.


කාවුන්ගෙන් හා මලකඩින් විනාශ වන්නේ නැති, සොරු කඩා වැදී සොරා ගන්නේ නැති සම්පත් ස්වර්ගයේ ඔබට රැස් කරගන්න.


එහෙත් සිහි තබාගන්න. සොරා එන්නේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්