Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 5:39 - සිංහල කාලීන පරිවර්තනය

39 එහෙත් මා ඔබට කියන්නේ, දුෂ්ට අයට එරෙහි නො වන්න. යමෙක් ඔබගේ දකුණු කම්මුලට ගැසුවහොත්, ඔහුට අනෙක් කම්මුලත් හරවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 නුමුත් මම නුඹලාට කියමි: නපුරු අය සමඟ පොරට නොසිටින්න. යමෙක් නුඹේ දකුණු කම්මුලට ගැසී නම් ඔහුට අනික් කම්මුලද හරවන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 5:39
24 හුවමාරු යොමු  

කිසිවකුටත් නපුරට නපුරක් නො කිරීමට වගබලා ගන්න. ඒ වෙනුවට එකිනෙකාටත්, හැම දෙනාටත් හොඳක් කිරීමට හැම විට උත්සාහ ගන්න.


නපුරට නපුරවත්, නිග්‍රහයට නිග්‍රහයවත් නො කරන්න. එසේ නො කර, ඔබ කැඳවා ඇත්තේ ආශිර්වාදයක් උරුම කර ගන්නට බැවින් ආශිර්වාද කරන්න.


එකිනෙකා සමඟ නඩුහබ ඇති කර ගැනීමෙන් පෙනී යන්නේ, දැනටම ඔබට සම්පූර්ණයෙන් පරාජයක්ය කියායි. අයුක්තිය විඳීම ඊට වඩා හොඳ නැද්ද? වංචාවට හසුවීම ඊට වඩා හොඳ නැද්ද?


ඔබ, ඔබට විරෝධය නො දැක්වූ අහිංසක මිනිසුන් වරදකරුවන් කොට ඔවුන් මරා දැමී ය.


පාපයට එරෙහිව ඔබ කරන පොරබැදීමේදී තවමත් ලේ හැලෙන විරෝධතාවකට පත්ව නැත.


ඔවුහු උන්වහන්සේගේ ඇස් බැඳ, “නුඹට පහර දෙන්නේ කවුරු ද? හා, දිවැසින් කියාපන්” යැයි කීහ.


නඩු කියා යමකු ඔබේ යටි කබාය ගන්නට කැමැත්තේ නම්, ඔබේ උඩු කබායත් ඔහුට දෙන්න.


උන්වහන්සේට එරෙහිව චෝදනා කරන පිණිස, උන්වහන්සේ සබතේදී සුව කරන්නේදැයි දහම් පඬිවරු හා පරිසිවරු විමසිල්ලෙන් බලාවුන්හ.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කී දෑ වැරදි නම්, වරද ගැන සාක්ෂි දරන්න. එනමුත් මා කී දෑ නිවැරදි නම්, නුඹ මට පහර දෙන්නේ මන්දැ?” යි ඇසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්