Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 4:12 - සිංහල කාලීන පරිවර්තනය

12 යොහන් සිරගෙයි දමන ලදැයි සැල වූ කල, යේසුස්වහන්සේ ගලීලයට අහක්ව ගිය සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 යොහන් පාවාදෙනු ලැබූ බව උන්වහන්සේ අසා අහක්ව ගලීලයට ගියසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 4:12
13 හුවමාරු යොමු  

යොහන් සිරගෙයි දමනු ලැබූ පසු, යේසුස්වහන්සේ ගලීලයට පැමිණ, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශ කරමින්,


ඔහු සිරගත කිරීමෙන්, වඩා දුෂ්ටකමක් එකතු කරගත්තේ ය.


මන්ද හෙරෝද්, තම සහෝදරයා වූ පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා, යොහන් අල්ලා බැඳ, සිර කරනු ලැබ තිබිණ.


ඒ, යොහන් සිරබාරයට පත් වන්නට කලිනි;


ආත්මයාණන්වහන්සේගේ බලයෙන් යුක්තව යේසුස්වහන්සේ ගලීලයට යළි ආ කල, උන්වහන්සේ පිළිබඳ ප්‍රවෘත්තිය අවට පෙදෙස් පුරා පැතිරිණි.


මන්ද යොහන් අල්ලා, සිරගෙයි බැඳ දැමීමට මිනිසුන් යැව්වේ හෙරෝද් ය. ඔහු එසේ කළේ, තම සහෝදර පිලිප්ගේ භාර්යාව වූ හෙරෝදියස් නිසා ය. මන්ද ඔහු ඇය ආවාහ කරගෙන සිටියේ ය.


යේසුස්වහන්සේ යුදයේ සිට ගලීලයට පැමිණි පසු දැක්වූ දෙවන අනුහස් ලකුණ මෙයයි.


ඒ දෙදිනට පසු යේසුස්වහන්සේ ඔවුන්ගෙන් සමුගෙන ගලීලය බලා ගිය සේක.


ඉන්පසු උන්වහන්සේ ගලීලයේ නගරයක් වන කපර්ණවුම් වෙත ගොස් සබතේදී ඔවුන්ට ඉගැන්වූ සේක.


මේ අතර, ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා ගැන සිරගෙදරදී ඇසූ යොහන්, තම ගෝලයින් අත අසා යවමින්,


එහෙත් ඔවුහු උදක්ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ.


පසු දා යේසුස්වහන්සේ ගලීලයට යෑමට තීරණය කළ සේක. උන්වහන්සේට පිලිප් හමු වී, “මා සමඟ එන්නැ” යි ඔහු කැඳවූ සේක.


මෙය යේසුස්වහන්සේ ගලීලයේ කානාහි දී පෑ ප්‍රථම අනුහස් ලකුණ ය; මෙයින් උන්වහන්සේ ස්වකීය තේජෝ මහිමය ප්‍රකාශ කළ සේක; උන්වහන්සේගේ ගෝලයෝ උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්