Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 3:16 - සිංහල කාලීන පරිවර්තනය

16 යේසුස්වහන්සේ බව්තීස්ම කරනු ලැබ, එකෙණෙහිම දියෙන් පිටතට ආ සේක. එවිට මෙන්න! ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියකු ලෙස බැස අවුත් තමන් පිට නවතිනු උන්වහන්සේ දුටු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජේසුස් වහන්සේ බව්තීස්ම-ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක. එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු උන් වහන්සේ දුටු සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 යේසුස්වහන්සේ බව්තීස්ම ලැබ එකෙණෙහිම දියෙන් ගොඩනැගුණුසේක. බලව, අහස උන්වහන්සේට විවරවිය, දෙවියන්වහන්සේගේ ආත්මයාණන් පරෙවියෙකු මෙන් බසිනවාද තමන් පිටට පැමිණෙනවාද උන්වහන්සේ දුටුසේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 3:16
14 හුවමාරු යොමු  

උන්වහන්සේ දියෙන් ගොඩවෙත්ම, එකෙණෙහිම, ස්වර්ගය විවරව ආත්මයාණන් පරෙවියකු ලෙස තමා වෙත බැස එනු දුටු සේක.


“අන්න! ස්වර්ගයේ දොරටු ඇරී තිබේ. මනුෂ්‍ය පුත්‍රයාණෝ දෙවියන්වහන්සේගේ දකුණු පස සිටගෙන සිටිනු මට පෙනේ” යි කීවේ ය.


දෙවියන්වහන්සේ එවූ තැනැත්තා පවසන්නේ, දෙවියන්වහන්සේගේම වචනයි. මන්ද දෙවියන්වහන්සේ ආත්මයාණන් ප්‍රදාන කරන්නේ සීමාවක් නැතිවයි.


සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, ස්වර්ගය විවරව, දෙවියන්වහන්සේගේ දූතයින් මනුෂ්‍ය පුත්‍රයාණන් වෙත නඟිනවාත්, බසිනවාත් ඔබ දකිනු ඇතැ” යි පැවසූ සේක.


යොහන්ගේ බව්තීස්මයෙන් පටන් ගෙන, උන්වහන්සේ අප වෙතින් ඔසවා ගනු ලැබූ දවස දක්වා අප හා සිටි මේ අයගෙන් කෙනකු, උන්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම ගැන අප සමඟ සාක්ෂිකරුවකු විය යුතු යැ” යි පැවසී ය.


වතුරින් හා ලෙයින් පැමිණි තැනැත්තාණෝ මොහු ය; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. වතුරින් පමණක් නො වේ; වතුර හා ලෙයින් ය. සාක්ෂි දරන්නේ ආත්මයාණන්වහන්සේ ය. මන්ද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවය ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්