Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:74 - සිංහල කාලීන පරිවර්තනය

74 එවිට ඔහු තමාටම ශාප කර ගන්නටත්, “මා ඒ මිනිසා හඳුනන්නේ නෑ!” යි කියමින් දිවුරන්නටත් වන්නේ ය. එකෙණෙහිම කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

74 එවිට ඔහු, “ඒ මිනිසා නාඳුනමි”යි කියමින් දෙස් තබාගන්න ද දිවුරන්න ද පටන්ගත්තේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

74 එවිට ඔහු, “ඒ මිනිසා නාඳුනමි”යි කියමින් දෙස් තබාගන්න ද දිවුරන්න ද පටන්ගත්තේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

74 එවිට ඔහු: ඒ මනුෂ්‍යයා නාඳුනමියි කියා දෙස්තිබාගන්ටද දිවුරන්ටද පටන් ගත්තේය. එකෙණෙහිම කුකුළා හඬලීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:74
19 හුවමාරු යොමු  

“මා ප්‍රේම කරන අයට මම තරවටු කොට හික්මවමි. එබැවින් උද්යෝගිමත් වන්න. පසුතැවිලි වන්න.


යමෙක් ස්වාමින්වහන්සේට ප්‍රේම නො කරනවා නම්, ඔහු ශාප ලද්දෙක්ම වේවා! අපගේ ස්වාමින්වහන්ස, එනු මැනව!


පේතෘස් එවර ද එය ප්‍රතික්ෂේප කළේ ය; එකෙණෙහිම කුකුළා හැඬලී ය.


ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට බය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට බය වන්න.


මන්ද මාංසයට අනුව මගේ නෑයින් වූ මගේ සහෝදරයින් උදෙසා ශාපලද්දකු වී, ක්‍රිස්තුස්වහන්සේගෙන් වෙන් කරනු ලබන්නට වුව, හැකි නම් කැමති වෙමි.


එහෙත් පේතෘස්, “මිනිහෝ, ඔබ මොනවා දොඩවනවාදැයි මා දන්නේ නැතැ” යි කීවේ ය. ඔහු එසේ කියද්දීම, එකෙණෙහිම කුකුළා හැඬලී ය.


එහෙත් එය ප්‍රතික්ෂේප කළ පේතෘස්, “ඔබ කියන්නේ මොනවාදැයි මා දන්නේ නෑ. මට තේරෙන්නෙත් නෑ” යි පවසා, මැදුරේ දොරටුව වෙත ගියේ ය. එවිට කුකුළා හැඬලී ය.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “සැබවින් ම මා ඔබට කියන්නම්, මේ රැයේ කුකුළා දෙවරක් හඬලන්නට පෙර, මා නාඳුනන බව තුන් වතාවක්ම ඔබ කියන්නේ යැ” යි පැවසූ සේක.


මුළු ජනතාව පිළිතුරු දෙමින්, “ඔහුගේ ලේ අප පිටත්, අපගේ දරුවන් පිටත් වේවා!” යි කීහ.


යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්. “සැබවින් ම මා ඔබට කියන්නේ, අද මේ රැයේ, කුකුළා හඬලන්නට පළමු මා හඳුනන්නේ නැතැයි ඔබ තුන් වතාවක්ම කියනු ඇතැ” යි පැවසූ සේක.


මද වේලාවකට පසු ඔහු අසල සිටි අය ඔහු ළඟට අවුත්, “ඇත්තෙන්ම ඔබ ඔවුන්ගෙන් කෙනෙක් තමයි. ඔබගේ උච්චාරණය ඔබ පාවා දේ යැ” යි කීහ.


එවිට, “කුකුළා හඬලන්නට පෙර ඔබ, මා හඳුනන්නේ නැතැයි තුන් වරක්ම කියනු ඇතැ” යි යේසුස්වහන්සේ පැවසූ වචන පේතෘස් සිහි කොට, එතැනින් පිටව ගොස්, දැඩි සංවේගයෙන් හැඬී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්