Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:35 - සිංහල කාලීන පරිවර්තනය

35 “ඔබ සමඟ මට මියෙන්නට සිදු වෙතත්, කිසි කලෙක මා ඔබ ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි පේතෘස්, ප්‍රකාශ කළේ ය. සෙසු ගෝලයෝ සැවොම ඒ දේම කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 පේදුරු, “ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 පේදුරු, “ඔබ සමඟ මැරෙන්න සිදුවුණත්, මම ඔබ නාඳුනමි යි කවදාවත් කියන්නේ නැතැ”යි උන් වහන්සේට කී ය. සියලු ශ්‍රාවකයෝ ද එසේ ම කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 පේතෘස්ද: ඔබ සමඟ නසින්ට පවා මට සිද්ධවුණත්-ඔබ නාඳුනමියි කියන්නේ නැතැයි උන්වහන්සේට කීවේය. ගෝලයන් සියල්ලෝද එලෙසම කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:35
10 හුවමාරු යොමු  

එය ඇත්තයි, ඒවා කඩා දමන ලද්දේ ඔවුන්ගේ නො ඇදහිල්ල හේතුවෙනි. ඔබ සිට ගත්තේ ඇදහිල්ල නිසාවෙනි. එබැවින් අහංකාර නො වී, එහෙත් බයින් සිටින්න.


පේතෘස් උන්වහන්සේ යළි අමතමින්, “ස්වාමිනි, දැන්ම ඔබ අනුව එන්නට මට බැරි ඇයි? ඔබ උදෙසා මා ජීවිතය වුවත් දෙනවා” යි කීවේ ය.


අපක්ෂපාතීව, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නා වූ තැනැන්වහන්සේට පියාණෙනියි ඔබ අමතන්නේ නම්, ඔබගේ විදේශීව සිටින කාලය පුරා ගෞරව භයින් යුතුව පැවත සිටින්න.


එබැවින්, හැම විට ඔබ කීකරුව සිටි සේ, මා ප්‍රේමණීයයනි, මා ඔබ හා සිටියදී පමණක් නො ව, දැන් මා ඔබ වෙතින් ඈත්ව සිටියදී වඩා කීකරුව, බයින් හා වෙවුලුමෙන් යුතුව ඔබගේ ගැලවීම ක්‍රියාවට නගන්න.


එබැවින්, තමා ස්ථිරව සිටගෙන සිටිතැයි සිතා සිටින්නා නො වැටෙන්නට වගබලා ගනිත්වා!


එහෙත් මිනිසුන් ඉදිරියේ මා ප්‍රතික්ෂේප කරන කවරකු වුවත් ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේ ඉදිරියේ මමත් ප්‍රතික්ෂේප කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්