Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 26:25 - සිංහල කාලීන පරිවර්තනය

25 එවිට උන්වහන්සේ පාවා දෙන්නා වූ යූදස්, “ඒ මම ද රබ්බී?” යි ඇසී ය. “ඔබම කීවා” යි යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 උන් වහන්සේ පාවා දුන් ජූදස් උත්තර දෙමින්, “ගුරුදේවයෙනි, ඒ මම දැ”යි ඇසී ය. “වෙන කවුදැ”යි උන් වහන්සේ ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 උන්වහන්සේ පාවාදුන් යූදස්ද උත්තර දෙමින්: රබ්බී, ඒ මමදැයි ඇසුවේය. නුඹ කීවෙහියයි උන්වහන්සේ ඔහුට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:25
11 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ඔබම කීවෙහි ය. එහෙත් මා ඔබට කියන්නේ, මනුෂ්‍ය පුත්‍රයාණන් පරාක්‍රමයාණන්වහන්සේගේ දකුණු පස අසුන් ගෙන සිටිනු ද අහසේ වලාකුළු මතින් පැමිණෙනු ද මෙතැන් පටන් ඔබ දකිනු ඇත කියා යැ” යි පැවසූ සේක.


මේ අතර යේසුස්වහන්සේ, ආණ්ඩුකරු ඉදිරියේ සිට ගත්තේ ය. ආණ්ඩුකරු, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි උන්වහන්සේගෙන් ඇසුවේ ය. “ඔබම එසේ කියන්නෙහි යැ” යි යේසුස්වහන්සේ පැවසූ සේක.


“එහෙනම් ඔබ රජ කෙනෙක්!” යැයි පිලාත් කීවේ ය. යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා රජ කෙනෙකැයි ඔබම කියයි. මා ඉපදුනේ මේ අරමුණටයි; මා මෙලොවට ආවේත් මේ අරමුණටයි; සත්‍යයට සාක්ෂි දරන්නටයි. සත්‍යයෙන් වූ හැම කෙනෙක්ම මට සවන් දෙන්නේ යැ” යි පැවසූ සේක.


“එසේ නම් ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් දැ?” යි එවිට ඔවුහු සියල්ලෝ ඇසුවෝ ය. “ඒ මම ය කියා ඔබ කියනවා යැ” යි උන්වහන්සේ කී සේක.


ඔහු කෙළින්ම යේසුස්වහන්සේ වෙත ගොස්, “සෙත් වේවා රබ්බී!” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය.


ඔවුහු ප්‍රසිද්ධ ස්ථානවලදී ගරු බුහුමන් ලැබීමටත්, මිනිසුන්ගෙන් ‘රබ්බී’ කියා අමතා ගැනීමටත් ආශා කරති.


“එහෙත් ඔබ, අනුන් ලවා රබ්බී කියා අමතා ගත යුතු නැත. මන්ද ඔබට සිටින්නේ එක ගුරුවරයෙකි. ඔබ හැම සහෝදරයින් ය.


එකල දොළොස් දෙනාගෙන් කෙනකු වූ යූදස් ඉස්කාරියොත් නැමැත්තා නායක පූජකවරුන් වෙත ගොස්,


ඒ අතර ගෝලයෝ, “රබ්බී, යමක් කන්නැ” යි උන්වහන්සේට පෙරැත්ත කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්