Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 25:10 - සිංහල කාලීන පරිවර්තනය

10 “එසේ ඔවුන් තෙල් මිලදී ගැනීමට යන අතරේ, මනාලයා පැමිණියේ ය. සූදානම්ව සිටි අය ඔහු සමඟ මංගල උත්සවයට ඇතුල් වූහ. දොරටුව ද වසන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔවුන් ගිය පසු මනාලයා ආවේ ය; සූදානම් ව සිටි පස් දෙනා ඔහු හා සමඟ මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු වූ විට දොර වසන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේය; සෑදී සිටියෝ ඔහු සමඟ සරණ මංගල්‍යයට ඇතුල්වූවෝය. දොරද වසනලද්දේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 25:10
21 හුවමාරු යොමු  

ගෙදර ස්වාමියා නැගිට, දොර වැසූ පසු, ඔබ පිටත සිට දොරට තට්ටු කරමින්, ‘ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කියනු ඇත. “එවිට එතුමා පිළිතුරු දෙමින්, ‘ඔබ කොහේ සිට ආවා ද කියා මා දන්නේ නැතැ’ යි කියනු ඇත.


එබැවින්, ක්‍රියාකාරී වීමට ඔබගේ මනස සූදානම් කරගන්න; ආත්ම සංයමයෙන් යුතුව සිටින්න; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ වන කල ඔබට දෙනු ලබන අනුග්‍රහය මත, ඔබගේ බලාපොරොත්තුව මුළුමනින් රඳවන්න.


එබැවින් ඔබත් සූදානමින් සිටිය යුතුයි. මන්ද එතැයි ඔබ නො සිතන පැයක දී මනුෂ්‍ය පුත්‍රයාණන් පැමිණෙනු ඇත.


මේ දෑ ගැන සාක්ෂි දෙන තැනැත්තාණෝ, “සත්තකින්ම, මම ඉක්මනින් එමි” යි කියන සේක. ආමෙන්! යේසුස් ස්වාමින්වහන්ස, එන්න!


“මැදියම් රැයේ මොර හඬදීමක් විය: ‘මෙන්න මනාලයා! ඔහු හමුවට එන්නැ!’ යි ඉන් කියැවිණි.


එබැවින් දැන්, ධර්මිෂ්ඨකමේ ජයග්‍රාහී ඔටුන්න මා උදෙසා තබා තිබේ. ධර්මිෂ්ඨ විනිශ්චයකරුවාණන් වන ස්වාමින්වහන්සේ ඒ දවසේ එය මට ප්‍රදාන කරනු ඇත. මට පමණක් නො ව, උන්වහන්සේගේ ප්‍රකාශ වීම, අභිරුචියෙන් බලා සිටින හැමටත් ය.


“අන්න! උන්වහන්සේ වලාකුළුවලින් එන සේක.” “උන්වහන්සේව සිදුරු කළ අය පවා හැම ඇසක්ම, උන්වහන්සේ දකිනු ඇත.” මිහි පිට සියලු ගෝත්‍ර “උන්වහන්සේ නිසා වැලපෙනු ඇත.” ඒ එසේම වේවා! ආමෙන්.


ආලෝක රාජ්‍යයෙහි ශුද්ධවන්තයින්ගේ උරුමයේ පංගුකාරකමට ඔබත් සුදුස්සකු කළ පියාණන්වහන්සේට තුති පුදමින් ද ඔබට සිටිනු හැකි වන පිණිස ය.


“ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි,’ යි කියන හැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නේ නැත.


“එබැවින් විමසිල්ලෙන් සිටින්න. මන්ද ඔබගේ ස්වාමින්වහන්සේ කෙදිනක පැමිණේදෝයි ඔබ නො දන්නා බැවිනි.


එනමුත් මෙය වටහා ගන්න: සොරා එන්නේ රැයේ කවර පැයේදැයි ගෘහ මූලිකයා දැන සිටියේ නම්, විපරමින් සිට, තම ගේ බිඳීමට ඔහු ඉඩ තබන්නේ නැත.


“ඉඟටි බැඳ සූදානමින් සිටින්න. ඔබගේ පහන් දල්වා තබන්න.


අපි ප්‍රීති වෙමු; ප්‍රමෝද වෙමු. උන්වහන්සේට මහිමය දෙමු. මන්ද බැටළු පැටවාණන්ගේ සරණ මංගල්‍යය පැමිණිලා, එතුමන්ගේ මනාලී තමාම සැරසී සිටින්නී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්