Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 24:7 - සිංහල කාලීන පරිවර්තනය

7 ජාතියකට එරෙහිව ජාතියක් ද රාජ්‍යයකට එරෙහිව රාජ්‍යයක් ද නැගී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:7
20 හුවමාරු යොමු  

නොයෙක් තැන්හි භූමිකම්පා, සාගත හා වසංගත ඇති වෙයි. භයංකර සිදුවීම් හා අහසේ මහා ලකුණු ඇති වෙයි.


මා බැලූ කල, මෙන්න! සුදුමැලි අශ්වයෙක්; අසරුවාගේ නම මරණය ය. හේදිසිය, ඔහු පස්සේ ගියේ ය. කඩුවෙන්, සාගතයෙන්, වසංගතයෙන් හා පොළොවේ වන මෘගයින් මඟින් පොළොවෙන් හතරෙන් එකක් මරා දමන්නට ඔවුනට බලය දෙන ලදී.


ඔවුන්ගෙන් කෙනෙක් වූ අගබස් නැමැත්තා ආත්මයාණන් මඟින් අනාවැකි පවසමින්, රෝම අධිරාජ්‍යය පුරා මහත් සාගතයක් පැතිරෙන වග දැන්වී ය. (ක්ලෝදියස් අධිරාජයාගේ පාලන සමයේ මෙය සිදු විය.)


උන්වහන්සේ හයවන මුද්‍රාව කඩන කල මම බැලුවෙමි. එවිට මෙන්න, මහා භූමිකම්පාවක්; හිරු, ගෝණි රෙද්දක් සේ කළු විය. පුරාහඳ මුළුමනින්ම ලේ වැනි විය.


“යළිත් වරක්” යන්නෙන් අදහස් වන්නේ, සොලවන්නට නො හැකි දෑ ඉතිරි වන පිණිස, සොලවනු ලබන දෑ වන මවන ලද දෑ බැහැර කරන බවයි.


මම ඉහළ අහසේ අරුමයන් ද පහත පොළොවේ ලේ, ගිනි හා ධූම තරංග යන ලකුණු ද දක්වමි.


උන්වහන්සේ තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්වයා, “එනු!” යි කියනු මට ඇසිණි. මා බැලූ කල, මෙන්න! කළු අශ්වයෙක්! අසරුවා අත තරාදි යුගලයක් තිබිණි.


එවිට ජීවමාන සත්වයින් හතරදෙනා මධ්‍යයෙන් පැමිණි කටහඬක් වැනි හඬක් මට ඇසිණි. “තිරිඟු නැළියක මිල ඩිනාරියකි; යව නැළි තුනක මිල ඩිනාරියකි; තෙල්වලටත්, මිදි යුෂවලටත් හානි නො කරන්නැ” යි ඉන් කියැවිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්