Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 24:1 - සිංහල කාලීන පරිවර්තනය

1 යේසුස්වහන්සේ දේව මාලිගයෙන් නික්ම යද්දී, උන්වහන්සේගේ ගෝලයෝ දේව මාලිග ගොඩනැගිලි වෙත උන්වහන්සේගේ අවධානය යොමුකරවන්නට උන්වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී, එහි ගොඩනැඟිලි උන් වහන්සේට පෙන්වන පිණිස ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජේසුස් වහන්සේ දේව මාලිගාවෙන් නික්ම යද්දී, එහි ගොඩනැඟිලි උන් වහන්සේට පෙන්වන පිණිස ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 යේසුස් වහන්සේ දේව මාළිගාවෙන් නික්ම යන කල මාළිගාවේ ගොඩනැගිලි උන්වහන්සේට පෙන්වන පිණිස ගෝලයෝ උන්වහන්සේ ළඟට ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 24:1
11 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ දේව මාලිගාවට ඇතුළුව, උගන්වමින් සිටියදී, ජනයාගේ නායක පූජකවරු හා වැඩිහිටියෝ, උන්වහන්සේ වෙත පැමිණ, “ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරී බලයකින් ද? මේ බලය ඔබට දුන්නේ කවුරු දැ?” යි ඇසූහ.


මා ඔබට කියන්නේ, ‘ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය!’ කියා ඔබ කියන තුරු, යළි ඔබ මා දකින්නේ නැත.”


එවිට ඔවුහු, “මේ මාලිගය ගොඩ නගන්නට හතළිස් හය වසරක් ගත වුණා; ඔබ එය දවස් තුනකින් ගොඩ නගන්න යනවාදැ?” යි ඇසූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්