Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 21:1 - සිංහල කාලීන පරිවර්තනය

1 ඔවුන් යෙරුසලමට ළඟා වෙමින්, ඔලීව කන්දේ පිහිටි බෙත්පාගයට ළඟා වූ කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනකු පිටත් කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්ද සමීපයෙහි වූ බෙත්පාගයට පැමිණියහ. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඔව්හු ජෙරුසලමට ළං ව ඔලීව කන්ද සමීපයෙහි වූ බෙත්පාගයට පැමිණියහ. ජේසුස් වහන්සේ ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ඔවුන් යෙරුසලමට ළංව ඔලීව කන්දට සමීපවූ බෙත්පාගයට පැමිණි කල, යේසුස්වහන්සේ ගෝලයන් දෙදෙනෙකු යවමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 21:1
13 හුවමාරු යොමු  

එහෙත්, යේසුස්වහන්සේ ඔලීව කන්දට ගිය සේක.


දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක්, රැය ගත කිරීමට ඔලීව නම් වූ කන්දට පිටත්ව ගිය සේක.


ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.


ඉන්පසු යේසුස්වහන්සේ ඔලීව කන්දේ හිඳ සිටියදී පෞද්ගලිකව උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “එය සිදුවන්නේ කවරදා ද? ඔබගේ පැමිණීමේත්, මේ යුගයේ අවසානයේත් පෙර නිමිත්ත කුමක්දැයි අපට කියන්නැ” යි කීහ.


ඉන්පසු ඔවුහු, යෙරුසලමට නුදුරින් සබත් දවසක ගමන් දුරකින් වූ ඔලීව නම් කන්දේ සිට යෙරුසලමට ආපසු ගියහ.


උන්වහන්සේ පිටතට අවුත්, පුරුදු පරිදි ඔලීව කන්දට ගිය සේක. ගෝලයෝ උන්වහන්සේ අනුව ගියහ.


ගීතිකාවක් ගැයීමෙන් පසු, ඔවුහු ඔලීව කන්ද වෙත ගියහ.


යේසුස්වහන්සේ ඔවුනට අනුකම්පා කළ සේක්, ඔවුන්ගේ ඇස් ස්පර්ශ කළහ. එකෙණෙහිම ඔවුහු පෙනීම ලැබ, උන්වහන්සේ පස්සේ ගියහ.


ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි කොටළු දෙනක ද ඌ සමඟ කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න.


උන්වහන්සේ දේව මාලිගය ඉදිරියේ ඔලීව කන්දේ වාඩි වී සිටියදී, පේතෘස්, යාකොබ්, යොහන් හා අන්දෘ උන්වහන්සේට පුද්ගලිකව කතා කොට,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්