Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 20:24 - සිංහල කාලීන පරිවර්තනය

24 දහ දෙනා ඒ වග ඇසූ කල ඒ සහෝදරයින් දෙදෙනා සමඟ උරණ වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහොයුරන් දෙදෙනා ගැන කෝප වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 දස දෙනා එපවත් ඇසූ විට ඒ සොහොයුරන් දෙදෙනා ගැන කෝප වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 එවිට දසදෙන ඒ අසා ඒ සහෝදරයන් දෙදෙනා ගැන කිපුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 20:24
13 හුවමාරු යොමු  

එසේම, තරුණ වූ ඔබ, වැඩිහිටියනට අවනත වන්න. ඔබ හැම කෙනෙක්ම එකිනෙකා වෙත යටහත්කමින් සැරසෙන්න. මන්ද, “දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක්, යටහත් අයට අනුග්‍රහය දෙන සේක.”


එහෙත් උග්‍ර ඊර්ෂ්‍යාව ද ආත්මාර්ථ අභිලාශ ද ඔබේ හදවත්හි ඇත්නම්, පාරට්ටු කර ගැනීමෙන් හා සත්‍යයට පිටුපෑමෙන් වළකින්න.


ආත්මාර්ථයෙන් හා පුහු මානයෙන් කිසිවක් නො කරන්න. නිහතමානීව, තමනට වඩා අන් අය, උතුම් කොට සලකන්න.


ප්‍රේමය ඉවසිලිවන්ත ය; කරුණාවන්ත ය. ප්‍රේමය ඊර්ෂ්‍යා කරන්නේ නැත; පාරට්ටු කරගන්නේ නැත; අහංකාර නැත;


දහ දෙනා ඒ වග ඇසූ කල යාකොබ් හා යොහන් සමඟ උරණ වූහ.


එවිට යේසුස්වහන්සේ, “සැබවින් ම ඔබ මගේ කුසලාන පානය කරනු ඇත. එහෙත් මගේ දකුණු පස හෝ වම් පස හෝ හිඳ ගැනීමට දීම මා සතුවූවක් නො වේ. මාගේ පියාණන්වහන්සේ කවරකු සඳහා ඒවා පිළියෙල කරන ලද සේක් ද ඒවා අයිති ඔවුනට යැ” යි පැවසූ සේක.


යේසුස්වහන්සේ ඔවුන් එකට කැඳවා, “අන්‍ය-ජාතිකයින්ගේ පාලකයෝ ඔවුන්ට ස්වාමිත්වය පාන බවත්, ඔවුන්ගේ උසස් නිලතල දරන්නෝ ඔවුන්ට අධිපතිකම් පාන බවත් ඔබ දන්නහු ය.


ඒ දැක උරණ වූ යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “දරුවන්ට මා වෙත එන්නට ඉඩ හරින්න. ඔවුන් වළක්වන්න එපා. මන්ද දෙවියන්වහන්සේගේ රාජ්‍යය මෙබඳු වූවන්ගේයි.


යේසුස්වහන්සේ ඇය සුව කළේ සබතක බැවින්, කුපිත වූ සිනගෝග අධිපතියා පිරිස අමතා, “වැඩ කිරීමට දවස් හයක් තිබෙයි. සබත් දවසේ නො ව, ඒ දවසක ඇවිත් සුව කරවා ගනිල්ලා” යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්