Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 2:15 - සිංහල කාලීන පරිවර්තනය

15 හෙරෝද්ගේ මරණය දක්වා එහි නැවතී සිටියේ ය. මෙසේ වූයේ, ස්වාමින්වහන්සේ දිවැසිවරයා මඟින් පැවසූ, “මගේ පුත්‍රයා ඊජිප්තුවෙන් කැඳවා ගතිමි” යි යන්න සැබෑ වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය. මෙසේ වූයේ, “මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමි”යි කියා සමිඳාණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේ ය. මෙසේ වූයේ, “මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමි”යි කියා සමිඳාණන් වහන්සේ විසින් දිවැසිවරයා කරණකොටගෙන කියන ලද කීම ඉටු වනු පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 හෙරොද්ගේ මරණය දක්වා එහි සිටියේය. මෙසේ වූයේ: මිසරයෙන් මාගේ පුත්‍රයා කැඳවාගතිමියි කියා ස්වාමීන්වහන්සේ විසින් අනාගතවක්තෘ කරණකොටගෙන කියනලද කීම සම්පූර්ණවන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 2:15
21 හුවමාරු යොමු  

උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.


මේ සියල්ල සිදු වූයේ දිවැසිවරයා ලවා, ස්වාමින්වහන්සේ පැවසූ දෑ ඉටු වන පිණිස ය.


එසේ කළහොත් විය යුතු යයි කියැවෙන ශුද්ධ ලියවිලි පාඨ ඉටු වන්නේ කෙසේ දැ?” යි පැවසූ සේක.


මෙය සිදු වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය:


මෙසේ වූයේ දිවැසිවර යෙසායා කී දිවැසි වැකිය ඉටු වන පිණිස ය: “උන්වහන්සේ දරා ගත්තේ අපේ දුබලකම් ය. උසුලා ගත්තේ අපේ රෝ දුක් ය.”


නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මඟින් කී කීම මෙසේ ඉටු විය.


හෙරෝද්ගේ මරණින් පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඊජිප්තුවේදී යෝසෙප්ට සිහිනයකින් පෙනී,


මෙසේ දිවැසිවර යෙරමියා පවසා තිබූ මෙම අනාවැකිය ඉටු විණි:


මේ දේවල් සිදු වූයේ, “උන්වහන්සේගේ එක ඇටයකුදු බිඳිනු නො ලැබේ” යන ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වන පිණිස ය.


පසුව, යේසුස්වහන්සේ දැන් සියල්ල සම්පූර්ණව ඇති බැව් දැන, ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස, “මට පිපාසයි” කී සේක.


සැබවින් ම මේ හැම එකක්ම සිදු වූයේ දිවැසිවරුන්ගේ ලියවිලි ඉටු වන පිණිස යැ” යි කී සේක. එවිට උන්වහන්සේගේ ගෝලයෝ හැම උන්වහන්සේ අත්හැර පලා ගියහ.


“සහෝදරවරුනි, යේසුස්වහන්සේ අත්අඩංගුවට ගැනීමට මඟපෙන්වූ යූදස් ගැන ශුද්ධාත්මයාණන්වහන්සේ ඉහතදී දාවිත්ගේ මුවින් පැවසූ ශුද්ධ ලියවිල්ල ඉෂ්ට විය යුතුව තිබුණි.


උන්වහන්සේ කුරුසියේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට දාදු දැමූහ.


එකල යෝසෙප් නැගිට දරුවාත්, ඔහුගේ මවත් ගෙන, රැයේම පිටත්ව, ඊජිප්තුවට ගොස්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්