Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 16:6 - සිංහල කාලීන පරිවර්තනය

6 යේසුස්වහන්සේ ඔවුන් අමතමින්, “බලාගෙනයි! පරිසීන්ගේ හා සද්දුසීන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, “පරිසිවරුන්ගේ ද සද්දුසිවරුන්ගේ ද මුහුන්වලින් පරෙස්සම් වන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: ඵරිසිවරුන්ගේද සද්දුසිවරුන්ගේද මුහුන්වලින් ප්‍රවේසම්වෙන්ට බලා ගන්නැයි ඔවුන්ට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 16:6
15 හුවමාරු යොමු  

මේ අතරතුර එකිනෙකා පෑගෙන තරමට දහස් ගණනින් ජන සමූහයා එක්රැස් වූ කල, පළමුවෙන් තම ගෝලයින් ඇමතූ යේසුස්වහන්සේ, “පරිසිවරුන්ගේ කුහකකම නැමති මුහුන්වලින් පරෙස්සම් වන්න.


“මුහුන් ඇබින්දකින් මුළු පිටි කැටියම පිපෙයි.”


උන්වහන්සේ ඔවුන්ට අවවාද කරමින්, “බලාගෙනයි! පරිසිවරුන්ගේ මුහුන්වලින් හා හෙරෝද්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක.


උන්වහන්සේ තමනට පැවසුවේ රොටීවලට යොදන මුහුන්වලින් නො ව, පරිසිවරුන්ගේ හා සද්දුසිවරුන්ගේ ඉගැන්වීම්වලින් පරෙස්සම් වීමට බැව් එවිට ඔවුහු වටහා ගත්හ.


ඉන්පසු ඔවුන් ඇමතූ උන්වහන්සේ, “සියලු ආකාර තණ්හාවෙන් පරෙස්සම් වන්නට සිතට ගන්න. මිනිසකුගේ ජීවිතය ඔහුට හිමි වස්තු සම්භාරය මත රැඳී නැතැ” යි කී සේක.


එහෙත් පරිසිවරුන් හා සද්දුසිවරුන් බොහෝ දෙනෙක් බව්තීස්ම ලබන්නට එනු දුටු ඔහු, ඔවුන් අමතමින්, “එම්බා පොළොං පැටවුනි, පැමිණෙන උදහසින් පලා යන්නට නුඹලාට අවවාද කළේ කවුරු ද?


පරිසිවරු හා සද්දුසිවරු පැමිණ, උන්වහන්සේ පරීක්ෂා කරමින්, ස්වර්ගයෙන් ලකුණක් පෙන්වන ලෙස ඉල්ලූහ.


එගොඩට ළඟා වූ කල, රොටි ගෙන යන්නට ගෝලයින්ට අමතක වී තිබිණි.


ඔවුහු තම තමන් අතරේ කතිකා කරමින්, “රොටි ගෙනෙන්නට අපට අමතක වූ නිසා යැ” යි කීහ.


මා කතා කළේ රොටි ගැන නො වන බැව් ඔබට නො වැටහුනේ කෙසේ ද? එහෙත් පරිසීන්ගේ හා සද්දුසීන්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක.


එබැවින් ඔවුහු, “කවුරුවත් උන්වහන්සේට ආහාර ගෙනැවිත් දුන්නා දැ?” යි එකිනෙකා විමසූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්