Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 15:3 - සිංහල කාලීන පරිවර්තනය

3 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබගේ සම්ප්‍රදායයන් රැක ගන්නට දෙවියන්වහන්සේගේ ආඥා ඔබ කඩ කරන්නේ ඇයි?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “ඔබේ පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව කඩ කරන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: “ඔබේ පරම්පරාගත සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව කඩ කරන්නේ මන් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: නුඹලාත් නුඹලාගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 15:3
8 හුවමාරු යොමු  

තමන්ම සකස් කර ගත් නමස්කාර පිළිවෙත් මඟින් ද පුහු යටහත්කමින් ද සිරුරට වධ දීමෙන් ද සැදුම් ලත් එම ශික්ෂා-නියෝග පෙනුමට නැණවත් වුව ද, සැබවින් ම මාංසික තෘෂ්ණා මැඩලීමේ කිසි වටිනාකමක් ඒවායේ නැත.


ක්‍රිස්තුස්වහන්සේ මත පදනම් නො වී, මානව සම්ප්‍රදායයන්ට හා මේ ලෝකයේ යක්ෂාත්ම බලවේගවලට අනුව වූ දර්ශනවාද හා හිස් රැවිටිලිවලින් ඔබ වහල් කොට ගන්නට කිසිවකුට ඉඩ නො දෙන්න.


මෙලෙස නුඹලාම පවරනු ලබන නුඹලාගේ සම්ප්‍රදායයන් උදෙසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගු කරන නුඹලා තවත් මෙවැනි බොහෝ දෑ ද කරති” යි පැවසූ සේක.


යුදෙව් මිථ්‍යාවලට හෝ සත්‍යයට පිටුපෑවුන්ගේ නියෝගවලට ඔවුන් ඇදී නො යන පිණිසත් ය.


“ඔබගේ ගෝලයින් වැඩිහිටියන්ගේ සම්ප්‍රදායයන් කඩ කරන්නේ ඇයි? කෑමට පෙර ඔවුන් තම අත් සෝදන්නේ නැතැ” යි කීහ.


මන්ද, ‘ඔබේ පියාටත්, ඔබේ මවටත් ගෞරව කරන්න; තම පියාට හෝ මවට ශාප කරන්නා මරණයට පත් කළ යුතු යැ’ යි දෙවියන්වහන්සේ අණ කර ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්