Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 14:15 - සිංහල කාලීන පරිවර්තනය

15 සවස් වූ කල, උන්වහන්සේ වෙත ආ ගෝලයෝ, “මේක පාළු පෙදෙසක්; දැනටත් හොඳටම පමා වෙලා. එනිසා අසල ගම්වලට ගොස්, ඔවුන්ට ආහාර මිලට ගන්නට හැකි වන පිණිස ජනයා පිටත් කර හරින්නැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සවස් වූ කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, “මෙය පාළු තැනකි; දැන් රෑ බෝ වී ඇත; ගම්වලට ගොස්, කෑම මිලට ගන්නා පිණිස, සමූහයා යන්න හැරිය මැනවැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 සවස්වූ කල ගෝලයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: මේක කාන්තාර ස්ථානයක්ය, දැන් වේලාවද ඉක්මගොස් තිබේ; සමූහයා ගම්වලට ගොස් තමුන්ට කෑම මිලදී ගන්නා පිණිස ඔවුන් යන්ට හැරිය මැනවයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 14:15
7 හුවමාරු යොමු  

එහෙත් උන්වහන්සේ වචනයකින්වත් පිළිතුරු දුන්නේ නැත. එවිට උන්වහන්සේගේ ගෝලයෝ අවුත්, “මැය හඬා වැටෙමින්, අප පස්සේ එන නිසා, ඇය පිටත් කර හරින්නැ” යි උදක්ම ඉල්ලූහ.


දවස ගෙවෙමින් තිබියදී උන්වහන්සේ වෙත ආ දොළොස් දෙනා, “නවාතැන් සහ අහර සපයා ගන්නට මේ සෙනඟ අවට ගම්මාන හා පිටිසර පෙදෙස්වලට පිටත් කර යවන්න; මන්ද අප සිටින්නේ පාළු පෙදෙසකැ” යි කීහ.


කුසගින්නේ මා ඔවුන්ගේ ගෙවලට පිටත් කර හැරියොත් අතරමඟ දී ඔවුන් ක්ලාන්ත වේවි. ඔවුන්ගෙන් ඇතැම් දෙනකු පැමිණ ඇත්තේ දුර බැහැර ඉඳන්” යැයි කී සේක.


ඒ ඇසූ කල, යේසුස්වහන්සේ එම පෙදෙස හැර, ඔරුවක නැග, තනිව හුදෙකලා තැනකට ගිය සේක. එහෙත් ජනයා ඒ අසා, නගරවල සිට ගොඩබිමින් උන්වහන්සේ පසුපස ගියහ.


උන්වහන්සේ වෙරළට ගොඩ බැස්ස කල, විශාල ජනකායක් දුටු සේක්, ඔවුනට අනුකම්පා කර, ඔවුන්ගේ රෝගීන් සුව කළ සේක.


එහෙත් යේසුස්වහන්සේ, “ඔවුන් යන්න ඕනෑ නැහැ. ඔබම ඔවුන්ට කෑමට යමක් සපයා දෙන්නැ” යි පැවසූ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්