Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 13:54 - සිංහල කාලීන පරිවර්තනය

54 තම ගම් පෙදෙසට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයට ගොස්, ඔවුන්ට උගන්වන්නට වූ සේක. ඔවුහු විස්මිතව, “කොහෙන් ද මේ මිනිසාට මේ ප්‍රඥාව? මේ බලවත් ක්‍රියා?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

54 උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

54 උන් වහන්සේ සිය රටට පැමිණ, ධර්මශාලාවේ දී ඔවුන්ට ඉගැන් වූ සේක. ඔව්හු විස්මයට පත් ව, “මොහුට මේ ප්‍රඥාව හා හාස්කම් කිරීමේ බලය කොහෙන් ලැබුණේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

54 උන්වහන්සේ තමන්ගේ රටට පැමිණ, ඔවුන්ගේ සිනගෝගයෙහිදී ඔවුන්ට ඉගැන්වූසේක. ඔව්හු විස්මපත්ව: මොහුට මේ ප්‍රඥාව සහ බලවත් ක්‍රියා කොයින්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 13:54
14 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ මෙම කියමන් කියා නිම වූ කල, සමූහයා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ.


උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.


නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මඟින් කී කීම මෙසේ ඉටු විය.


එවිට පාවුල් හා බාර්ණබස් එඩිතරව ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ වචනය පළමු කොට යුදෙව් ඔබට ප්‍රකාශ කිරීමට අපට යුතුව තිබුණා. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කරමින් සදාතන ජීවනය ලැබීමට ඔබ නො වටනේයැයි ඔබම නිශ්චය කළ නිසා, මෙන්න, අපි දැන් අන්‍ය-ජාතිකයින් වෙත හැරී සිටිනවා.


පේතෘස්ගේ හා යොහන්ගේ එඩිතරකම දැක, ඔවුන් නූගත්, සාමාන්‍ය වැසියන් බව දැන, ඔවුහු මවිත වූහ. ඔවුන් යේසුස්වහන්සේගේ ඇසුරෙහි සිටියවුන් බව ද ඔවුහු හැඳින ගත්හ.


උන්වහන්සේ ස්වකීය ජනයා වෙත පැමිණි සේක; එහෙත් ස්වකීයයෝ උන්වහන්සේ නො පිළිගත්තෝ ය.


එතුමාණන්ගේ අවබෝධය හා පිළිතුරු ඇසූ සියල්ලෝ මවිත වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්