Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 13:24 - සිංහල කාලීන පරිවර්තනය

24 යේසුස්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පැවසූ සේක: “ස්වර්ග රාජ්‍යය, තම කුඹුරේ හොඳ බීජ වපුළ මිනිසකුට සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 උන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 උන් වහන්සේ තවත් උපමාවක් මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 උන්වහන්සේ තවත් උපමාවක් ඔවුන් ඉදිරියෙහි දක්වමින්: තමාගේ කෙතෙහි හොඳ බීජ වපුළ මනුෂ්‍යයෙකුට ස්වර්ගරාජ්‍යය සමානකරනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 13:24
23 හුවමාරු යොමු  

“එකල ස්වර්ග රාජ්‍යය, තම පහන් රැගෙන, මනාලයා හමුවීමට පිටත්ව ගිය කන්‍යාවන් දස දෙනකුට සමාන ය.


“මන්ද ස්වර්ග රාජ්‍යය, තම මිදි වත්තේ වැඩට කම්කරුවන් කුලියට ගැනීමට අරුණ උදෙන්ම පිටත් වූ ඉඩම් හිමියකුට සමාන ය.


“තවද ස්වර්ග රාජ්‍යය, මුහුදේ හෙළන ලදුව හැම වර්ගයකම මසුන් හසු වූ දැලකට සමාන ය.


“ස්වර්ග රාජ්‍යය, තම පුත්‍රයා සඳහා මංගල භෝජනයක් පැවැත්වූ රජකුට සමාන කළ හැකි ය.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “හොඳ බීජ වපුළ තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා ය.


උන්වහන්සේ යළි කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය මම කුමකට උපමා කරම් ද?


එබැවින් උන්වහන්සේ කතා කරමින්, “දෙවියන්වහන්සේගේ රාජ්‍යය කුමකට සමාන ද? මම එය කුමකට උපමා කරම් ද?


උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, නැළි තුනක පිටි මුළුමනින් පිපෙන, ස්ත්‍රියක විසින් ඊට මුසු කරන ලද මුහුන්වලට සමාන යැ” යි පැවසූ සේක.


මන්ද ඔබ නැවත උත්පාද කරනු ලැබ ඇත්තේ දිරා යන බීජයකින් නො ව, නො දිරන ජීවමානවූත්, සදාතනිකවූත් දෙවියන්වහන්සේගේ වචනය මඟිනි.


උන්වහන්සේ ඔවුනට තවත් උපමාවක් පවසමින්, “ස්වර්ග රාජ්‍යය, මිනිසකු තම ගෙවත්තේ සිටුවන අබ ඇටයකට සමාන ය.


“එබැවින් ස්වර්ග රාජ්‍යය, තම දාසයින් සමඟ ගණන් බේරීමට කැමති වූ රජකුට සමාන කළ හැකි ය.


යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.


“පසුතැවිලි වන්න, මන්ද ස්වර්ග රාජ්‍යය ළංව ඇතැ” යි කියමින් ආවේ ය.


“තවත් උපමාවකට සවන් දෙන්න: ඉඩම් හිමියෙක් සිටියේ ය. ඔහු මිදි වත්තක් වවා, වත්ත වටා තාප්පයක් බැඳ, මිදි මඩින මෝලක් එහි කැණ, මුර ටැඹක් ද ගොඩ නැගී ය. පසුව මිදි වත්ත ගොවීනට බදු දී, පිට රටකට ගියේ ය.


උන්වහන්සේ යුදෙව්වරුන්ගේ සිනගෝගවල උගන්වමින් ද රාජ්‍යයේ සුබ ආරංචිය ප්‍රකාශ කරමින් ද ජනයා අතරේ වූ සියලු රෝග හා ආබාධ සුව කරමින් ද ගලීලය මුළුල්ලේ සැරි සැරූ සේක.


ඒ දෑ පැන නැගෙනුයේ, ඔබ උදෙසා ස්වර්ගයේ තබා තිබෙන බලාපොරොත්තුව තුළිනි. සත්‍යතාවේ වචනය වන ශුභාරංචිය මඟින් ඒ ගැන දැනටමත් ඔබ අසා ඇත.


ඔහුගේ මිනිසුන් නිදා සිටින අතර, ඒ මිනිසාගේ සතුරා ඇවිත්, තිරිඟු අතරේ කිරිඳි වපුරා ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්