Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 12:50 - සිංහල කාලීන පරිවර්තනය

50 ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් වුව මාගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වුව ද, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

50 මක්නිසාද ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියෝත්යයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:50
38 හුවමාරු යොමු  

උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ මෑණියන් හා මාගේ සහෝදරයින් වන්නේ දෙවියන්වහන්සේගේ වචනය අසා, ඒවා පිළිපදින අය යැ” යි පැවසූ සේක.


දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන යමෙක් වේ ද, හෙතෙම මාගේ සහෝදරයා ද සහෝදරිය ද මෑණියන් ද වෙතැ” යි පැවසූ සේක.


මා ඔබට අණ කළ දෑ ඔබ පිළිපදින්නේ නම්, ඔබයි මගේ මිත්‍රයෝ.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන්වහන්සේගේ කාරිය මෙයයි; උන්වහන්සේ එවූ තැනැත්තාණන් ඔබ අදහා ගැනීමයි” කී සේක.


යේසුස්වහන්සේ එවිට ඔවුන් ඇමතූ සේක්, “බිය වන්න එපා; මාගේ සහෝදරයින් වෙත ගොස්, ගලීලයට යන්නැයි ඔවුනට කියන්න. එහිදී ඔවුන් මා දකිනු ඇතැ” යි පැවසූ සේක.


මන්ද උන්වහන්සේ පෙර දැනසිටියවුන්, ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන විය යුතු බවට, පෙර නියමයක් කළ සේක; එසේ කළේ, උන්වහන්සේ බොහෝ වූ සහෝදරයන් අතරේ කුලුඳුලාණන් වන පිණිස ය.


මන්ද මගේ පියාණන්වහන්සේ කැමති, ස්වකීය පුත්‍රයාණන් දෙස බලා, උන්වහන්සේ අදහා ගන්න හැම කෙනකුම සදාතන ජීවනය ලැබීමයි. අවසාන දවසේදී මම ඔහු නැගිටුවන්නෙමි” යි පැවසූ සේක.


ලෝකය පහ වී යමින් තිබෙන්නේ, එහි තෘෂ්ණා ද සමඟ ය. එහෙත්, දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවුරු වුවත් සදහට ම පවතියි.


“එවිට රජ්ජුරුවෝ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මාගේ මේ සහෝදරයින්ගෙන් කුඩාම කෙනකුට හෝ ඔබ කළ යම් දෙයක් වේ ද, ඔබ එය කළේ මට යැ’ යි පවසනු ඇත.


මහලු ස්ත්‍රීන් මව්වරුන් සේ ද තරුණ ස්ත්‍රීන් සහෝදරියන් සේ මුළුමනින් පවිත්‍ර සිතින් ද සලකන්න.


එවිට ඔහු මාංසයේ ජීවත් වන ඉතිරි කාලය මිනිස් තෘෂ්ණා සඳහා නො ව, දෙවියන්වහන්සේගේ කැමැත්ත උදෙසා ජීවත් වෙයි.


මන්ද නව මැවිල්ල මිස, චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ගණන් නො ගැණේ.


යේසුස්වහන්සේ ඇයට කතා කොට, “මා තවමත් පියාණන්වහන්සේ වෙත නො නැංග නිසා, මට අත නො තබන්න. එනමුත් මගේ සහෝදරයින් වෙත ගොස්, ‘මම, මගේ පියාණන්වහන්සේ හා ඔබේ පියාණන්වහන්සේ වෙත, මගේ දෙවියන්වහන්සේ හා ඔබේ දෙවියන්වහන්සේ වෙත නැඟෙන්නෙමි’ යි කී වග ඔවුන්ට කියන්නැ” යි කී සේක.


“ජීවන වෘක්ෂයට අයිතිය ලැබෙන පිණිසත්, පුරවරයට දොරටු තුළින් ඇතුළු වන පිණිසත් තම සළු සෝදා ගන්නෝ භාග්‍යවත් ය.


මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.


මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.


නො දැනුවත්කමේ කාලවලදී දෙවියන්වහන්සේ ඒ ගැන නො සැලකූ නමුත් දැන් හැම තැන, හැම ජන කොටසකටම පසුතැවිලි වන්නට අණ කරන සේක.


ඔහු කතා කරද්දීම, මෙන්න, දීප්තිමත් වලාකුළක් ඔවුන් වසාගෙන; ඒ වලාවෙන් කටහඬක් නික්මී, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය; මොහු කෙරේ මම බොහෝ ප්‍රසන්නව සිටිමි. එතුමාණන්ට සවන් දෙනු” යි කියැවිණි.


තවද සම්පූර්ණත්වයට පත් කරනු ලැබ, උන්වහන්සේ තමන්ට කීකරු වන සියල්ලනට සදාතන ගැලවීමේ උල්පත බවට පත් වූයේ,


නො ඉඳුල් කන්‍යාවියක සේ ඔබ එකම පුරුෂයකුට එනම් ක්‍රිස්තුස්වහන්සේට විවාහ කර දීමට මා ගිවිස ඇති බැවින්, ඔබ ගැන දිව්‍යමය ඊර්ෂ්‍යාවකින් මම පෙළෙමි.


පළමුව දමස්කයේ සිටින්නන්ටත්, ඉන්පසු යෙරුසලමෙහි හා යුදය රට මුළුල්ලෙහි ද සිටින්නන්ටත්, එසේම විදේශීන්ටත් දේශනා කරමින්, ඔවුන් පසුතැවිලි විය යුතු වගත්, එසේ පසුතැවිලි වූ වග තම ක්‍රියා කලාපය තුළින් පෙන්විය යුතු වගත් ප්‍රකාශ කළෙමි.


“එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින්, ‘සැබවින් ම මා ඔබට කියන්නේ, මොවුන්ගෙන් කුඩාම කෙනකුට ඔබ යමක් නො කළේ වේ ද, ඔබ එය නො කළේ මට යැ’ යි පවසනු ඇත.


සෙසු අපෝස්තුලුවරුන් ද ස්වාමින්වහන්සේගේ සහෝදරයින් හා කේපස් ද මෙන් ඇදහිලිවත් භාර්යාවක කැටිව යන්නට අයිතිය අපට නැද්ද?


තම ගෝලයින් දෙස අත දිගු කරමින්, “මෙන්න මගේ මෑණියන් හා මගේ සහෝදරයින්;


ඒ දවසේම යේසුස්වහන්සේ නිවසින් පිටත්ව, මුහුද අද්දර හිඳගත් සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්