Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 12:44 - සිංහල කාලීන පරිවර්තනය

44 ‘මා පිට වී ආ නිවසටම ආපසු යමි’ යි කියයි. එසේ ආ කල, ඒ නිවස හිස්ව, අතුගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 ‘මම නික්ම ආ මාගේ ගෙදරට පෙරළා යමි’යි කියයි. ඔහු එහි පැමිණි කල, ඒ ගෙදර හිස්ව, අතුගා, සකස් කොට තිබෙන බව දකියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 ‘මම නික්ම ආ මාගේ ගෙදරට පෙරළා යමි’යි කියයි. ඔහු එහි පැමිණි කල, ඒ ගෙදර හිස්ව, අතුගා, සකස් කොට තිබෙන බව දකියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 මම පිටත්ව ආ මාගේ ගෙට හැරීයමියි කියයි; ඔහු එහි පැමිණි කල, ඒ ගෙය හිස්ව, අතුගා, සරහා තිබෙන බව දකියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:44
23 හුවමාරු යොමු  

ප්‍රිය දරුවනි, ඔබ දෙවියන්වහන්සේගෙන් ය. ඔබ ඔවුන්ගෙන් ජය ගෙන තිබේ. මන්ද ලෝකයේ සිටින තැනැත්තාට වඩා ඔබ තුළ සිටින තැනැත්තාණන් උතුම් ය.


ඔවුන් අප වෙතින් පිටත්ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගටම අප සමඟ සිටිය යුතුව තිබිණි, එහෙත් ඔවුන් පිටත්ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය.


ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.


එසේ වූයේ, ඔබ මෙලොව සම්මත දිවි රටාව හා අකීකරුකමේ පුත්‍රයින් තුළ දැනුදු ක්‍රියා කරන දුෂ්ටාත්මය වූ ආකාශ රාජධානි අධිපතියාගේ මාර්ග අනුගමන කරමින්, ඒවා තුළ ජීවත් වූ කාලයේ ය.


ඔහු රොටි කැබැල්ල ගත් විගස, සාතන් ඔහුට ඇතුළු විය. එවිට යේසුස්වහන්සේ ඔහු අමතා, “ඔබ කරන්නට යන දේ විගසින් කරන්නැ” යි කී සේක.


රාත්‍රි භෝජනය අතරේ, උන්වහන්සේ පාවා දීමට සීමොන් ඉස්කාරියොත්ගේ පුත් යූදස්ගේ සිත යක්ෂයා විසින් ඒ වන විටත් පොලඹවා තිබිණි.


ඔහු එසේ කීවේ, දුප්පතුන් ගැන සැලකූ නිසා නො ව, ඔහු සොරකු නිසා ය. මුදල් පසුම්බිය බාරව සිටි ඔහු එහි දමන ලද දෑ තමාටම ගන්නට පුරුදුව සිටියේ ය.


“පළමු කොට බලවන්තයා බැඳ දැමුවොත් මිස, බලවතකුගේ ගෙට ඇතුළු වී, ඔහු සතු දේ පැහැර ගත හැක්කේ කවරකුට ද? ඔහු බැඳ දැමූ පසු, ඔහුගේ ගේ කොල්ලකත හැකියි.


“අශුද්ධ ආත්මයක් මිනිසකුගෙන් දුරුව ගිය පසු, දිය නැති තැන්හි යමින්, නවාතැන් සොයා, එය නො ලැබුණ කල,


එවිට ඔහු පිටත්ව ගොස්, තමාටත් වඩා දුෂ්ට වූ තවත් යක්ෂාත්ම හත්දෙනකු සමඟ අවුත්, ඇතුළු වී, එහි පදිංචි වෙයි. එවිට ඒ මිනිසාගේ අවසන් තත්වය පළමු තත්වයටත් වඩා නරක් වෙයි. මේ දුෂ්ට පරම්පරාවේ තත්වය ද එයම වෙතැ” යි පැවසූ සේක.


එසේ ආ කල ඒ නිවස අතුගා, පවිත්‍ර කොට, නිසි පිළිවෙලකට තබා තිබෙනු දකියි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්