Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 12:17 - සිංහල කාලීන පරිවර්තනය

17 මෙසේ වූයේ දිවැසිවර යෙසායා විසින් පවසන ලද කියමන ඉටු වන පිණිස ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එසේ වූයේ, යෙසායා දිවැසිවරයා පවසන ලද මේ කීම ඉටු වන පිණිස ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එසේ වූයේ, යෙසායා දිවැසිවරයා පවසන ලද මේ කීම ඉටු වන පිණිස ය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 මෙසේ වූයේ: අනාගතවක්තෘවූ යෙසායා කරණකොට ගෙන කියන ලද:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 12:17
15 හුවමාරු යොමු  

එසේ වූයේ, දිවැසිවර යෙසායා අනාවැකියෙන් පැවසූ, “ස්වාමින්වහන්ස, අප පැවසූ පණිවුඩය විශ්වාස කළේ කවුරු ද? ස්වාමින්වහන්සේගේ බාහුව හෙළි කරන ලද්දේ කවරකුට ද?” යන වචනය ඉටු වන පිණිස ය.


මෙය සිදු වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය:


මෙසේ වූයේ දිවැසිවරයා මඟින් පැවසුණු දෑ ඉටු වන පිණිස ය: “මම උපමාවලින් මගේ මුව විවර කරමි, ලෝකයේ අත්තිවාරම් ලූ තැන් පටන් සැඟවී තිබූ දෑ පවසන්නෙමි.”


යෙරුසලම් ජනයාත්, ඔවුන්ගේ පාලකයනුත් යේසුස්වහන්සේ කවරෙක්දැයි හැඳින ගත්තේ නැත. එහෙත්, උන්වහන්සේ දණ්ඩනයට පත් කරමින් ඔවුන් කළේ, හැම සබත් දවසක කියවනු ලබන දිවැසිවරුන්ගේ දිවැසි වැකි ඉෂ්ට කිරීමයි.


පසුව, යේසුස්වහන්සේ දැන් සියල්ල සම්පූර්ණව ඇති බැව් දැන, ශුද්ධ ලියවිල්ල ඉටු වන පිණිස, “මට පිපාසයි” කී සේක.


දෙවියන්වහන්සේගේ වචනය ලැබූ අය ගැන, ඔවුන් දෙවිවරුන් ය කියා උන්වහන්සේ හැඳින්වූවා නම් (ශුද්ධ ලියවිල්ල කඩ විය නො හැකියි.)


උන්වහන්සේ යළි ඔවුන් අමතමින්, “මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහයේත්, දිවැසිවරුන්ගේත්, ගීතාවලියෙත් මා ගැන ලියවුණු හැම දෙයක්ම ඉෂ්ට විය යුතු ය කියා ඔබ හා සිටියදී මා කී වචන මේ යැ” යි පැවසූ සේක.


මන්ද ලියා ඇති සියල්ල සම්පූර්ණ වන පිණිස, ඒවා පළිගැනීමේ දවස් ය.


මෙසේ වූයේ දිවැසිවර යෙසායා කී දිවැසි වැකිය ඉටු වන පිණිස ය: “උන්වහන්සේ දරා ගත්තේ අපේ දුබලකම් ය. උසුලා ගත්තේ අපේ රෝ දුක් ය.”


තමා කවුරුන්දැයි ප්‍රසිද්ධ නො කරන ලෙස ඔවුනට අණ කළ සේක.


“මෙන්න, මා තෝරාගත් මගේ සේවකයා, මාගේ ජීවය සොම්නස් කරවන, මා ප්‍රේම කරන තැනැත්තා; ඔහු පිට මම මාගේ ආත්මයාණන් තබමි. ඔහු ජාතීනට යුක්තිය ප්‍රකාශ කරනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්