Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 11:10 - සිංහල කාලීන පරිවර්තනය

10 මන්ද, “ ‘මෙන්න මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබට පෙරටුව ඔබගේ මාර්ගය සකසන්නේ ඔහු යැ’යි ලියා ඇත්තේ ඔහු ගැන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මන්ද, කීවොත්: ‘මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ලියා තිබෙන්නේ මොහු ගැන නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 මන්ද, කීවොත්: ‘මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ ඔබ ඉදිරියෙහි පිළියෙළ කරන්නේ ය’යි ලියා තිබෙන්නේ මොහු ගැන නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මක්නිසාද– මෙන්න, මම මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, ඔහු නුඹ ඉදිරියෙහි නුඹේ මාර්ගය සාදන්නේයයි ලියා තිබෙන්නේ මොහු ගැනය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 11:10
10 හුවමාරු යොමු  

දිවැසිවර යෙසායාහි: “මෙන්න, මගේ පණිවුඩකරුවා ඔබට පෙරටුව යවමි. ඔහු, ඔබගේ මාවත සකසන්නේ ය.”


යොහන් පිළිතුරු දෙමින්, “යෙසායා දිවැසිවරයා පෙර කී අනාවැකිය පරිදි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය සෘජු ලෙස සකස් කරනු’ යි කී කාන්තාරයේ හඬගසන්නාගේ කටහඬ මම යැ” යි පැවසී ය.


දිවැසිවර යෙසායා මඟින්: “කාන්තාරයේ හඬගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු, උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි කියැවුණේ මොහු ගැන ය.


“එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් අප අන් කෙනකු බලා සිටිය යුතු දැ?” යි විමසී ය.


“සැබවින් ම මා ඔබට කියන්නේ, ස්ත්‍රීන්ගෙන් උපන්නවුන් අතරේ යොහන් බව්තීස්තට වඩා උතුම් කෙනෙක් නො නැගුටුණු බවයි; එහෙත් ස්වර්ග රාජ්‍යයේ ඉතාම සුළු තැනැත්තා පවා ඔහුට වඩා උතුම් ය.


“මා දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ දිවැසිවරයා යයි හඳුන්වනු ලබනු ඇත. මන්ද නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස්කරන්නට උන්වහන්සේට පෙරටුව ගමන් ගනු ඇත්තේ,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්