Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 1:18 - සිංහල කාලීන පරිවර්තනය

18 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූයේ මෙසේ ය: උන්වහන්සේගේ මව වූ මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිස සිටියදී, ඔවුන් එක් වන්නට පළමු, ශුද්ධාත්මයාණන් මඟින් ඇය දරුවකු ලබන්නට සිටින බැව් දැනගනු ලැබිණ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටිය දී, ඔවුන් එක් වන්න පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැනගන්නා ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මවුවූ මරියා යෝසෙප්ට විවාහබස් දී සිටියදී, ඔවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නාලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 1:18
13 හුවමාරු යොමු  

එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක: යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක. ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක;


සැබවින් ම අපට ගැලපෙන්නේ පාරිශුද්ධ, නිර්දෝෂ, නො කැළැල්, පවිටුන්ගෙන් වෙන් වූ, ස්වර්ගවලට වඩා උසස් කරන ලද එබඳු උත්තම පූජකයාණන් කෙනෙකි.


“ස්වාමින්වහන්සේ මා දෙස බලා, මෙසේ කළ සේක, මේ දවස්හි ජනයා අතර වූ මගේ නින්දාව පහ කළ සේකැ” යි කීවා ය.


ආබ්‍රහම්ගේ පුත්‍ර, දාවිත්ගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෙළපත් නාමාවලිය:


නිවසට ඇතුළු වූ ඔවුහු දරුවාත්, ඔහුගේ මවු වූ මරියාත් දැක, වැඳ වැටී උන්වහන්සේට නමස්කාර කළහ. ඉන්පසු තම කරඬු ඇර, රන් ද කට්ටකුමංජල් ද සුවඳලාටු ද යන ත්‍යාග උන්වහන්සේට පිළිගැන් වූහ.


උන්වහන්සේ සමූහයා අමතමින් සිටියදී උන්වහන්සේගේ මෑණියන් හා සහෝදරයින් පැමිණ, උන්වහන්සේ හා කතා කරන අටියෙන් පිටතට වී සිටියහ.


තමා හා විවාහ ගිවිසි, ගැබ්බරව හුන් මරියා ද සමඟින් ලියාපදිංචි වන්නට ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්