Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 9:33 - සිංහල කාලීන පරිවර්තනය

33 එසේ වූයේ, “මෙන්න! මම පැකිළීමේ ගලක් ද බාධක පර්වතයක් ද සියොන්හි තබමි. උන්වහන්සේ තුළ විශ්වාස කරන කවරකු වුව ලජ්ජාවට පත් වන්නේ නැතැ” යි ලියා ඇති පරිද්දෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත: “සෙනඟ පැකිලී වැටෙන පිණිස ගලක් ද ඔවුන්ට බාධා වන පිණිස පර්වතයක් ද සියොනෙහි තබමි, උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා අය කිසි සේත් ලජ්ජාවට නොපැමිණෙති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ ලියා ඇත: “සෙනඟ පැකිලී වැටෙන පිණිස ගලක් ද ඔවුන්ට බාධා වන පිණිස පර්වතයක් ද සියොනෙහි තබමි, උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා අය කිසි සේත් ලජ්ජාවට නොපැමිණෙති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 කෙසේදයත්: පැකිලීමේ ගලක්ද බාධාවේ පර්වතයක්ද සියොනෙහි තබමි. උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා ලජ්ජාවට නොපැමිණෙන්නේයයි ලියා තිබෙන ලෙසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 9:33
19 හුවමාරු යොමු  

මන්ද, “උන්වහන්සේ තුළ විශ්වාස කරන කිසිවෙක් ලජ්ජාවට පත් කරනු ලබන්නේ නැතැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි.


බලාපොරොත්තුව අප ලජ්ජාවට පත් කරන්නේ නැත. මන්ද අපට දෙන ලද ශුද්ධාත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ ස්වකීය ප්‍රේමය අප හදවත් තුළට වගුරුවා ඇති හෙයිනි.


දැන්, ප්‍රිය දරුවනි, උන්වහන්සේ තුළ පැවත සිටින්න, එවිට උන්වහන්සේ නැවත පෙනෙන්නට එන කල, අපට නිසැක විශ්වාසය තිබෙන පිණිසත්, උන්වහන්සේගේ පැමිණීමේදී උන්වහන්සේ ඉදිරියේ ලජ්ජාවට පත් නො වන පිණිසත් ය.


මාගේ ජීවත් වීමෙන් වේවා, මරණයෙන් වේවා අන් හැම විට මෙන් දැනුත්, මාගේ ශරීරයෙන් ක්‍රිස්තුස්වහන්සේ ගෞරවයට පමුණුවන පිණිස, කිසි සේත් ලජ්ජාවට පත්වීමේ හේතුවක් නො වී, හැම අයුරින්ම එඩිතරව සිටීම මාගේ දැඩි අපේක්ෂාවත්, බලාපොරොත්තුවත් ය.


මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.


මේ ගල පිට වැටෙන්නා, කැබලිවලට කඩා දමනු ලැබේ; ඒ ගල යමකු පිට වැටුණ කල, එය ඔහු සුණු විසුණු කරනු ලැබේ යැ” යි පැවසූ සේක.


එවිට ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ ‘ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත්ව ඇත; මෙය ස්වාමින්වහන්සේම කළ දෙයකි, අපගේ ඇස්වලට එය හරි අරුමයකි’ යන ශුද්ධ ලියවිලි පාඨය ඔබ කෙදිනකවත් කියවා නැද්ද?


සහෝදරයිනි, ඔවුන් උදෙසා මා හදවතේ ආශාවත්, දෙවියන්වහන්සේට මාගේ යාච්ඤාවත් ඔවුන් ගලවනු ලැබීම ය.


සහෝදරයිනි මා තවමත් චර්මඡේදය දේශනා කරනවා නම්, තවමත් මා පීඩා කරනු ලබන්නේ ඇයි? ඒ එසේ වී නම්, කුරුසියට ඇති විරෝධය අවලංගු වූවා වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්