Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 9:28 - සිංහල කාලීන පරිවර්තනය

28 මන්ද ස්වාමින්වහන්සේ ස්වකීය තීන්දුව සම්පූර්ණයෙන් ද නො පමාව ද ක්‍රියාත්මක කරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 මන්ද, සමිඳාණන් වහන්සේ සිය අදහස අප්‍රමාද ව හා තීරණාත්මක ලෙස මිහි පිට ඉටු කරන සේකැ”යි කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 මන්ද, සමිඳාණන් වහන්සේ සිය අදහස අප්‍රමාද ව හා තීරණාත්මක ලෙස මිහි පිට ඉටු කරන සේකැ”යි කියයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් වචනය තීන්දුකොට, එය අප්‍රමාදව පොළොව පිට ඉෂ්ටකරනසේක කියාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 9:28
11 හුවමාරු යොමු  

ඉන්පසු මා දුටුවේ ස්වර්ගය විවරව තිබෙනු ය; එවිට මෙන්න, සුදු අශ්වයෙක් සිටියේ ය. ඌ පිට හිඳ සිටි තැනැත්තාණන්, “විශ්වාසනීය ය, සත්‍ය ය” යනුවෙන් හඳුන්වනු ලැබිණි. උන්වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක.


මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධව සහතිකයක් දී තිබේ.”


මන්ද ලොව ඇරඹුණු තැන් පටන් මෙතෙක් සිදු නො වූ, මතු කවර කලෙක සිදු නො වන මහා විපත්-පීඩාවක් වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්