Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 9:26 - සිංහල කාලීන පරිවර්තනය

26 තවද, “ ‘ඔබ මගේ ජනයා නො වේය’ කියා ඔවුන්ට කියන ලද තැන්හිදීම, ඔවුහු, ‘ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ’ යයි කියනු ලබන්නෝ ය”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඔබ මාගේ සෙනඟ නොවෙ‍ති යි ඔවුන්ට කියා ඇති තැන, ‘ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය’ කියාත් කියනු ලබන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඔබ මාගේ සෙනඟ නොවෙ‍ති යි ඔවුන්ට කියා ඇති තැන, ‘ඔබ ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය’ කියාත් කියනු ලබන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 නුඹලා මාගේ සෙනඟ නොවන්නහුයයි ඔවුන්ට කියා තිබෙන තැන නුඹලා ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයෝය කියනු ලබන්නහුයයි කියාද කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 9:26
13 හුවමාරු යොමු  

මන්ද ඔබ හැම ඇදහිල්ල මඟින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය.


ආත්මයාණන්ම අපගේ ආත්මය සමඟ එක්ව, අප දෙවියන්වහන්සේගේ දරුවන් වගට සාක්ෂි දරන සේක.


තවද, “මම ඔබට පියෙක් වන්නෙමි, ඔබ මාගේ පුතුන් හා දූවරුන් වනු ඇතැ” යි, සියලු බලැති ස්වාමින්වහන්සේ පවසන සේක.


ඒ ජාතිය වෙනුවෙන් පමණක් නො ව විසිර සිටින දෙවියන්වහන්සේගේ දරුවන් එකට එක්රැස් කරන පිණිස බවත් කීමකි.


සීමොන් පේතෘස් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය; ජීවමාන දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ යැ” යි කීවේ ය.


මන්ද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟපෙන්වනු ලබන සියල්ලෝ, දෙවියන්වහන්සේගේ පුත්‍රයෝ ය.


මන්ද දෙවියන්වහන්සේගේ පුත්‍රයින් එළිදරවු කිරීම දෙස, සමස්ත මැවිල්ලම අපේක්ෂා සහගතව ආශාවෙන් බලා සිටී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්