Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 5:12 - සිංහල කාලීන පරිවර්තනය

12 එබැවින් එක් මිනිසකු මඟින් පාපය ද පාපය මඟින් මරණය ද ලොවට පිවිස, සියල්ලන්ම පව් කළ බැවින්, මුළු මිනිස් වර්ගයා වෙතම මරණය පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එක මනුෂ්‍යයෙකු නිසා පාපයත්, පාපය නිසා මරණයත් ලෝකයට පිවිසියාක් මෙන්, සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින්, මරණය මුළු මිනිස් සංහතියට ම පොදු ව පවතී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 5:12
20 හුවමාරු යොමු  

මන්ද ඒ එක මිනිසාගේ අකීකරුකම, බොහෝ දෙනා පව්කරුවන් කළා සේ ම, මේ එක මිනිසාගේ කීකරුකම බොහෝ දෙනා ධර්මිෂ්ඨයින් කරන්නේ ය.


මන්ද පාපයේ කුලිය මරණයයි. එහෙත් දෙවියන්වහන්සේගේ තිළිණ දීමනාව, ක්‍රිස්තුස් යේසුස් අප ස්වාමින්වහන්සේ තුළ සදාතන ජීවනයයි.


මන්ද සියල්ලෝම පව් කොට, දෙවියන්වහන්සේගේ මහිමයෙන් පිරිහී සිටිති,


ඉන්පසු තෘෂ්ණාව පිළිසිඳ පාපය බිහිකරයි; පාපය මෝරා වැඩී මරණය උපද්දයි.


එසේ වන්නේ පාපය තුළ මරණය රජකම් කළා සේ ම, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් සදාතන ජීවනය දක්වා ධර්මිෂ්ඨකම මඟින් අනුග්‍රහය ද රජකම් කරන පිණිස ය.


මන්ද අප සැවොම නොයෙක් අයුරින් පැකිළෙන්නෙමු. යමෙක් තමා කතා කරන වචනයෙන් නො පැකිළේ නම්, ඔහු තමන්ගේ මුළු සිරුරම මැඩපවත්වා ගැනීමට සමත් පිරිපුන් මිනිසෙකි.


එබැවින් එක අයුතුකමක් සියලු මිනිසුන්ට දඬුවම සැලසුවා සේ ම, ධර්මිෂ්ඨත්වයේ එක් ක්‍රියාවක් සියලු මිනිසුන්ට නිර්දෝෂීත්වයත්, ජීවනයත් සලසන්නේ ය.


ඔබ දැන් ලජ්ජා වන දේවලින් එකල ඔබ ලද්දේ කවර පලයක් ද? ඒවායේ කෙළවර මරණයයි.


මරණයේ විෂ දළය පාපයයි. පාපයේ බලය දහම් නීතියයි.


කලක් අපි සැවොම, අපගේ මාංසික තෘෂ්ණා සන්තර්පණ කරමින් ද ගතේ හා සිතේ ආශාවල ගැලෙමින් ද ඒ අය අතරේ පැවතුණෙමු. මෙසේ සෙසු අය මෙන් අපි ද ස්වභාවයෙන්ම උදහසේ පුත්‍රයින්ව සිටියෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්