Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 4:9 - සිංහල කාලීන පරිවර්තනය

9 මෙම භාග්‍යය චර්මඡේදිතයින්ට පමණක් ද? නැතහොත් චර්මඡේද නො වූවන්ටත් ද? අප කියන්නේ, ආබ්‍රහම්ට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබුවේ ඇදහිල්ල බවයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඉතින්, මේ භාග්‍යවන්තකම දෙන ලද්දේ චර්මඡේදනය ලැබූ අයට පමණක් ද? නැතහොත් චර්මඡේදනය නොලැබූ අයටත් ද? “ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් සේකැ”යි අපි කීවෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඉතින්, මේ භාග්‍යවන්තකම දෙන ලද්දේ චර්මඡේදනය ලැබූ අයට පමණක් ද? නැතහොත් චර්මඡේදනය නොලැබූ අයටත් ද? “ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුගේ ධර්මිෂ්ඨකම වශයෙන් දෙවියන් වහන්සේ පිළිගත් සේකැ”යි අපි කීවෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එසේවී නම් මේ ආශීර්වාදය ප්‍රකාශකරනලද්දේ චර්මඡේදිතයන් කෙරෙහිද? නොහොත් අචර්මඡේදිතයන් කෙරෙහිත්ද? මක්නිසාද: ආබ්‍රහම්ගේ ඇදහිල්ල ඔහුට ධර්මිෂ්ඨකම කොට ගණන්ගන්නාලදැයි අපි කියමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 4:9
14 හුවමාරු යොමු  

ශුද්ධාත්ම පොරොන්දුව ඇදහිල්ල තුළින් අප ලබන පිණිස, ආබ්‍රහම්ට දෙන ලද ආශිර්වාදය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළින් අන්‍ය-ජාතීනට ද අත්වන පිණිස ය.


මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.


සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්,


ශුද්ධ ලියවිල්ල කුමක් පවසයි ද? “ආබ්‍රහම් දෙවියන්වහන්සේ විශ්වාස කළේ ය; එය ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් ගණන් ගනු ලැබී ය” යනුවෙනි.


අන් ජාතීන්ට එළිදරවු වීමට එළියකි; ඔබගේ ඉශ්‍රායෙල් ජනයාට තේජසකි.”


ඔහුට අදාළව එසේ ගණන් ගනු ලැබුවේ කෙසේ ද? ඒ ඔහු චර්මඡේද වන්නට කලින් ද? ඊට පසුව ද? එසේ වූයේ ඔහු චර්මඡේද වූවාට පසුව නො වේ; ඊට කලින් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්