Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 15:23 - සිංහල කාලීන පරිවර්තනය

23 එහෙත් දැන්, තවදුරටත් මෙපෙදෙස්හි මට ඉඩක් ඉතිරිව නැති නිසාත්, බොහෝ කලෙක පටන් ඔබ වෙත එන්නට මා ආශාවෙන් සිටි නිසාත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එහෙත් දැන් මේ පෙදෙස්වල මාගේ සේවයට තවත් ඉඩක් නැති බැවින් ද කවදා හෝ ස්පාඤ්ඤයට යන ගමන් ඔබ වෙත එන්නට ආශාවක් අවුරුදු ගණනාවක් තුළ මට තිබුණු බැවින් ද එහි යන විට රෝමයට එන්නට බලාපොරොත්තු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එහෙත් දැන් මේ පෙදෙස්වල මාගේ සේවයට තවත් ඉඩක් නැති බැවින් ද කවදා හෝ ස්පාඤ්ඤයට යන ගමන් ඔබ වෙත එන්නට ආශාවක් අවුරුදු ගණනාවක් තුළ මට තිබුණු බැවින් ද එහි යන විට රෝමයට එන්නට බලාපොරොත්තු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 නුමුත් දැන් මේ රටවල මට තවත් ඉඩක් නැති බැවින්ද, බොහෝ අවුරුදු ගණනක පටන් නුඹලා ළඟට එන්ට මහත් ආශාවක් මට තිබෙන බැවින්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 15:23
6 හුවමාරු යොමු  

එසේ කළ යුත්තේ, දෙවියන්වහන්සේගේ කැමැත්තෙන් ප්‍රීතියෙන් යුතුව ඔබ වෙත එන්නටත්, ඔබගේ සමාගමෙන් මා ප්‍රබෝධ වන පිණිසත් ය.


මා ඔබ වෙත එන කල මා එන්නේ, ක්‍රිස්තුස්වහන්සේගේ පූර්ණ ආශිර්වාදය ද රැගෙන බව මම දනිමි.


මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.


ඔබ හෙළූ කඳුළු සිහි වන විට, ඔබ දැකීමේ දැඩි ආශාවක් ඇති වන්නේ, මා ප්‍රීතියෙන් පිරී යන පිණිස ය.


යළිත් අපට ඔබේ මුහුණ දකිනු හැකි වන පිණිසත්, ඇදහිල්ලේ ඔබගේ ඌනතා සපිරෙනු පිණිසත් අපි, දිවා රෑ දෙක්හි ඉමහත් උනන්දුවෙන් ඔබ ගැන යාච්ඤා කරන්නෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්