Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 13:2 - සිංහල කාලීන පරිවර්තනය

2 එබැවින් බලධරයනට එරෙහි වන කවුරුන් වුව එරෙහි වන්නේ, දෙවියන්වහන්සේ විසින් පිහිටූ නියමයකට ය. ඒ අය තමන්ටම දඬුවම් පමුණුවා ගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එබැවින් පාලක බලයට විරුද්ධ වන අය දේව නියමයට විරුද්ධ වෙ‍ති. එසේ විරුද්ධ වන අය තමන්ට ම දඬුවම් පමුණුවාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එබැවින් පාලක බලයට විරුද්ධ වන අය දේව නියමයට විරුද්ධ වෙ‍ති. එසේ විරුද්ධ වන අය තමන්ට ම දඬුවම් පමුණුවාගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන්වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 13:2
14 හුවමාරු යොමු  

හැම මිනිස් අධිකාරිත්වයකට ස්වාමින්වහන්සේ උදෙසා යටත් වන්න. ඒ, ශ්‍රේෂ්ඨ බලධාරියා වශයෙන් රජු විය හැකි ය;


මේවා ඔවුන්ට මතක් කර දෙන්න; පාලකයින්ට හා අධිපතීනට යටත් විය යුතු බැව් ද කීකරු විය යුතු බැව් ද හැම යහපත් ක්‍රියාවකට සූදානම්ව සිටිය යුතු බැව් ද


මා සහෝදරයිනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් නො විය යුතු ය. මන්ද ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අප වඩා දැඩි ලෙස විනිශ්චය කරනු ලබනු ඇත.


එබැවින්, දෙවියන්වහන්සේගේ උදහසින් වළකින්නට පමණක් නො ව, හෘදය සාක්ෂිය ද නිසා යටත් විය යුතු ය.


ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.


ඔවුහු වැන්දඹුවන්ගේ ගේ-දොර කොල්ල කති. අනුන්ට පෙනෙන්නට දීර්ඝ යාච්ඤා පවත්වති. ඔවුන් වඩා බරපතළ දඬුවම් ලබනු ඇතැ” යි පැවසූ සේක.


“දහම් පඬිවරුනි, පරිසිවරුනි, වංචනිකයිනි, නුඹලාට වන විපතක මහත! නුඹලා මිනිසුන්ගේ මුහුණටම ස්වර්ග රාජ්‍යයේ දොරටු වසා දමති. නුඹලා ඇතුළු වන්නේ නැත; ඇතුළු වන්නට යන අයට ඉඩ දෙන්නේ ද නැත.


ඔබ මට මෙසේ පවසනු ඇත: “මන්ද උන්වහන්සේ තවමත් දොස් පවරන්නේ ඇයි? උන්වහන්සේගේ කැමැත්තට එරෙහි වීමට පුළුවන් කවරකුට ද?”


හැම කෙනෙක්ම රාජ්‍ය බලධාරීන්ට යටත් විය යුතු ය. මන්ද දෙවියන්වහන්සේගෙන් නො වන ආධිපත්‍යයක් නැත; දැනට පවතින ඒවා පිහිටුවා ඇත්තේ දෙවියන්වහන්සේ ය.


වැරදි කරන්නන්ට මිස, නිවැරදි අයට පාලකයින්ගෙන් බයක් නැත. පාලකයනට බයක් නැතිව සිටින්නට ඔබට ඕනෑ ද? එසේ නම් හරි දේ කරන්න. එවිට ඔහුගේ අනුමැතිය ඔබට ලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්