Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 11:32 - සිංහල කාලීන පරිවර්තනය

32 මන්ද සියල්ලන් වෙතම දයාව පානා පිණිස දෙවියන්වහන්සේ ඔවුන් හැම අකීකරුකමෙහි සිර අඩස්සි කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 මන්ද, දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස, සකල සත්වයන් අකීකරුකම නමැති බන්ධනාගාරයෙහි තැබූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 මන්ද, දෙවියන් වහන්සේ සකල සත්වයන්ට කරුණාව දක්වන පිණිස, සකල සත්වයන් අකීකරුකම නමැති බන්ධනාගාරයෙහි තැබූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

32 මක්නිසාද දෙවියන්වහන්සේ සියල්ලන්ටම කරුණාකරන පිණිස සියල්ලන්ම අකීකරුකමෙහි වසා තැබූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:32
9 හුවමාරු යොමු  

එහෙත් පොරොන්දුව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහාගන්නන්ට දෙනු ලබන පිණිස, ලියවිල්ල හැම දෙයක්ම පාපය යටතේ සිරකර තැබී ය.


එසේ නම් කුමක් ද? යුදෙව් අපට වාසියක් වේ ද? නැත; කොහෙත්ම නැත. සියලු යුදෙව්වන් සේ ම, ග්‍රීකයින් ද යන දෙගොල්ලම පාපය යටතේ බැව් දැනටමත් අප ඔබට පෙන්වා දී තිබේ.


දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහීම මඟින් අදහා ගන්නා සියල්ලන්ට ය. කිසි විශේෂත්වයක් නැත.


එහෙත් මා පොළොවෙන් ඔසවනු ලැබූ කල, මම සියලු මිනිසුන් මා වෙත ඇදගනිමි” යි පැවසූ සේක.


ඔහු පැමිණියේ ඔහු මඟින් සියලු මිනිසුන් අදහා ගන්නා පිණිස ඒ ආලෝකය ගැන සාක්ෂි දෙන්නට සාක්ෂිකරුවකු ලෙස ය.


මන්ද ඒ එක මිනිසාගේ අකීකරුකම, බොහෝ දෙනා පව්කරුවන් කළා සේ ම, මේ එක මිනිසාගේ කීකරුකම බොහෝ දෙනා ධර්මිෂ්ඨයින් කරන්නේ ය.


ඔවුන් ද දැන් අකීකරුකමෙහි සිටින්නේ, ඔබ ලද දයාව මඟින් දැන් ඔවුන් ද දයාව ලබන පිණිස ය.


ඇදහිල්ල ඒමට පෙර, ඒ ඇදහිල්ල එළිදරවු කරන තෙක්, අපි දහම් නීතිය යටතේ අල්ලා ගනු ලැබ, සිරගත කරනු ලැබ සිටියෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්