Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 11:12 - සිංහල කාලීන පරිවර්තනය

12 මෙසේ ඔවුන්ගේ වරද, ලෝකයාට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පිරිහීම, අන්‍ය-ජාතීන්ට සමෘද්ධිය වී නම්, ඔවුන්ගේ පූර්ණත්වය, කොයි තරම් ඉමහත් සමෘද්ධියකට හේතු වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඉදින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සුබ සෙත පිණිස ද ඔවුන්ගේ පිරිහීම විජාතීන්ට සුබ සෙත පිණිස ද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ නැඟීම කොපමණ වැඩියෙන් සුබ සෙත පිණිස නොවන්නේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඉදින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සුබ සෙත පිණිස ද ඔවුන්ගේ පිරිහීම විජාතීන්ට සුබ සෙත පිණිස ද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණ නැඟීම කොපමණ වැඩියෙන් සුබ සෙත පිණිස නොවන්නේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඉඳින් ඔවුන්ගේ වැටීම ලෝකයාට සම්පතද ඔවුන්ගේ අලාභය අන්‍යජාතීන්ට සම්පතද වේ නම්, ඔවුන්ගේ සම්පූර්ණත්වය ඊට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 11:12
15 හුවමාරු යොමු  

සහෝදරයිනි, ඔබ නැණවත් යයි ඔබ උඩඟු නො වන පිණිස මේ අබිරහස දැන ගන්නවාට කැමැත්තෙමි. ඉශ්‍රායෙල් වෙත තරමක දැඩිකමක් පැමිණ ඇත්තේ, අන්‍ය-ජාතිකයින්ගේ සම්පූර්ණත්වය පැමිණෙන තෙක් ය.


අන්‍ය-ජාතීන් අතරේ මෙම අබිරහසේ තේජාන්විත සම්පත කොතෙක්දැයි ඔවුන්ට දැන්වීමට දෙවියන්වහන්සේ තීරණ කළ සේක. ඒ තේජසේ බලාපොරොත්තුව ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේ ය.


මන්ද ඔවුන් ඉවතලීම සෙසු ලෝකයා සමඟි කිරීම වී නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස අන් කවරේ ද?


සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්,


එසේ කර ඇත්තේ, තේජෝ මහිමය සඳහා කල්තියා සූදානම් කරන ලද දයාවේ භාජන වෙත උන්වහන්සේගේ තේජෝ මහිමයේ ඉසුර විදහා දක්වන පිණිස ය.


බලන්න, දෙවියන්වහන්සේගේ සමෘද්ධියේත්, ප්‍රඥාවෙත්, දැනගැන්මෙත් ගැඹුර කොතරම් ද! උන්වහන්සේගේ විනිශ්චයන් කෙසේවත් සොයා දැනගත හැකි ද! උන්වහන්සේගේ මාර්ග කොතරම් ගුප්ත ද!


ඈත අතීතයේ තම ශුද්ධ දිවැසිවරුන් මඟින් දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ සියලු ආකාර සෞභාග්‍යවත් කාලයක් යළි උදා කෙරෙන තෙක්, යේසුස්වහන්සේ ස්වර්ගයේ සිටින්නට යුතුව ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්