Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




රෝම 1:26 - සිංහල කාලීන පරිවර්තනය

26 දෙවියන්වහන්සේ මේ හේතුව නිසා, නින්දිත ලිංගික ආශාවන්ට ඔවුන් අත්හැරිය සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික සබඳතා, සොබා දහමට පටහැනි සේවනයට මාරු කර ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළ සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහි ම යෙදුණා හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ඒ නිසා දෙවියන් වහන්සේ ඔවුන් නින්දිත කාම තෘෂ්ණාවලට වහල් කළ සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික පුරුෂ සේවනය වෙනුවට තම තමන් අතර අස්වාභාවික ස්ත්‍රී සේවනයෙහි ම යෙදුණා හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




රෝම 1:26
14 හුවමාරු යොමු  

එලෙසම, සොදොම හා ගොමොරාව හා ඒ අවට නගර ලිංගික දුරාචාරයටත්, විකෘති තෘෂ්ණාවනටත් තමන්ම පාවා දී, සදාතන ගින්නේ දඬුවම විඳිමින් ආදර්ශයක් වී සිටිති.


පරදාර සේවනයේ හා සමලිංගික සේවනයේ යෙදෙන්නන් ද වහල් වෙළඳාමට මිනිසුන් පැහැරගන්නන්, බොරුකාරයන්, බොරුවට දිවුරන්නන් හා සාර දහමට පටහැනිව කවර දේ වුව කරන්නන් ද සඳහා ය.


එබැවින් ඔවුන්ගේ හදවත්හි තෘෂ්ණාවල දූෂ්‍යතාවට, එකිනෙකා අතර තමන්ගේම සිරුරු අවමන් කර ගැනීමට, දෙවියන්වහන්සේ ඔවුන් අත්හළ සේක.


අධර්මිෂ්ඨයින් දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති වග, ඔබ දන්නේ නැති ද? නො රැවටෙන්න. ලිංගික අපචාරීන්, පිළිම වඳින්නන් හෝ පරදාර සේවනයේ යෙදෙන්නන්, සමලිංගික සේවනයේ යෙදෙන දෙගොල්ලම හෝ


ඔවුහු සියලු සංවේදිතා අහිමිව, අනාචාරයට තමන්ම බාර වී, සකල විධ අපවිත්‍රතාහි ගැලෙන්නට තෘෂ්ණා වී සිටිති.


මන්ද ඔවුන් රහසේ කරන දෑ කීම පවා ලජ්ජා සහගත ය.


දෙවියන්වහන්සේ නො හඳුනන අන්‍ය-ජාතීන් මෙන් කාම තෘෂ්ණාවේ නො ගැලීමෙනි.


තවද දෙවියන්වහන්සේ තම අවබෝධයෙහි රඳවා ගැනීම වටනේයයි ඔවුන් නො සිතූ බැවින්, නො කළ යුතු දෑ කරන පිණිස, නීච මනසකට දෙවියන්වහන්සේ ඔවුන් අත්හළ සේක.


එහෙත් මොවුහු තමනට නො වැටහෙන හැම දේට අපහාස කරති. සිහිමොලේ නැති තිරිසනුන්ට මෙන් සහජයෙන් ඔවුනට වැටහෙන දෑවලින් ඔවුන් විනාශ කර දැමේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්