Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යූද් 1:17 - සිංහල කාලීන පරිවර්තනය

17 එහෙත් ප්‍රේමණීයයනි, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අපෝස්තුලුවරුන් කලින් කියන ලද වචන සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය ප්‍රේරිතයන් ලවා පැවසූ මේ වචන සිහි කරන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය අපෝස්තුළුවරු ලවා පැවසූ මේ වචන සිහි කරන්න:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 නුමුත් ප්‍රේමවන්තයෙනි, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් විසින් පළමු කියනලද වචන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යූද් 1:17
8 හුවමාරු යොමු  

මෙලෙස වෙහෙසී වැඩ කර, අබල දුබල අයට අප උපකාර කළ යුතු බව මා කළ හැම දෙයක් තුළින්ම ඔබට පෙන්වා දුන්නේ යේසුස්වහන්සේගේම වචන සිහි ගන්වමින්; උන්වහන්සේ කීවේ, ‘ලැබීමට වඩා දීම ආශිර්වාදයකි’ කියායි.”


ඔබ ගොඩ නගනු ලැබ සිටින්නේ අපෝස්තුලුවරුන් හා දිවැසිවරුන් මත දමන ලද අත්තිවාරම මතය, එහි මූලික කොන් ගල ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ය.


ඇතමුන් අපෝස්තුලුවරුන් ද ඇතමුන් දිවැසිවරුන් ද ඇතමුන් ශුභාරංචි දේශකයින් ද ඇතමුන් සභා පාලකයින් හා ගුරුවරුන් ද ලෙස දී ඇත්තේ උන්වහන්සේම ය.


ඒ සා ශ්‍රේෂ්ඨ ගැලවීම නො සලකා සිටියොත් අප කොහොම ගැලවෙන්න ද? එය පළමු කොට ස්වාමින්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව, එය ඇසූවන් විසින් අපට සහතික කර ඇත.


ශුද්ධ දිවැසිවරුන් මඟින් ඉහතදී පවසන ලද පණිවුඩ හා ඔබගේ අපෝස්තුලුවරුන් මඟින් අපගේ ගැලවුම්කාර ස්වාමින්වහන්සේ විසින් දෙන ලද නියෝග ඔබට යළි සිහිගන්වන්නට මා කැමතියි.


අප දෙවියන්වහන්සේගෙන් ය, දෙවියන්වහන්සේ දන්නා අය අපට සවන් දෙති; එහෙත් දෙවියන්වහන්සේගෙන් නො වන අය අපට සවන් දෙන්නේ නැත. සත්‍යයේ ආත්මයාණන් හා අසත්‍යයේ ආත්මය කුමක්දැයි අප දැනගන්නේ මෙලෙසිනි.


ප්‍රේමණීයයනි, අප පංගුකාරව සිටින ගැලවීම පිළිබඳව ඔබට ලියා එවන්නට ලොකු ඕනෑකමක් තිබුණ ද, එක් වරක්ම ශුද්ධවතුනට බාර දෙන ලද ඇදහිල්ල සඳහා සටන් වදින ලෙස ඉල්ලමින් ඔබට ලිවීම අවශ්‍යමැයි මට හැඟිණ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්