Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 5:1 - සිංහල කාලීන පරිවර්තනය

1 සවන් දෙනු ධනවතුනි, ඔබ පිට පැමිණෙන දුක්ඛිතභාවය ගැන හඬා වැටෙන්න; හඬ නගා වැලපෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මෙන්න, ධනවතුනි, නුඹලා කෙරේ පැමිණෙන්ට තිබෙන නුඹලාගේ කාලකණ්ණිකම් නිසා මොරගසා හඬන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 5:1
36 හුවමාරු යොමු  

දැඩි උෂ්ණත්වයෙන් යුතුව හිරු උදා වූ කල, පැළෑටි වියළෙයි. එවිට මල් හැලී එහි ලස්සන පෙනුම නැති වී යයි. ධනවතා ද තම ක්‍රියා මාර්ග අතරේම එලෙසින්ම මැලවී යයි.


“අද හෝ හෙට හෝ අප මේ මේ නගරයට ගොස්, වසරක් ගත කොට, වෙළඳාම් කරමින්, මුදල් උපයන්නෙමු” යි කියන්නෙනි, මට සවන් දෙන්න.


එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන්ම නො වේ ද?


තැවෙන්න; හඬන්න; වැලපෙන්න. ඔබගේ සිනහව හැඬීමටත්, ඔබගේ සොම්නස දොම්නසටත් හරවා ගන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්