Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 4:12 - සිංහල කාලීන පරිවර්තනය

12 ඇත්තේ ගලවන්නටත්, විනාශ කරන්නටත් සමත් එකම නීතිදායකයාණන් හා එකම විනිශ්චයකරුවාණන් කෙනකු පමණි. එහෙත් ඔබේ අසල්වැසියා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඇත්තේ එක ම නීති දායකයෙකි; එක ම විනිශ්චයකාරයෙකි. ගළවන්නට ද විනාශ කරන්නට ද පුළුවන්කම ඇත්තේ උන් වහන්සේට පමණකි. එසේ නම් ඔබේ අසල්වැසියා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඇත්තේ එක ම නීති දායකයෙකි; එක ම විනිශ්චයකාරයෙකි. ගළවන්නට ද විනාශ කරන්නට ද පුළුවන්කම ඇත්තේ උන් වහන්සේට පමණකි. එසේ නම් ඔබේ අසල්වැසියා විනිශ්චය කිරීමට ඔබ කවරෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 නීතිදායකයාද විනිශ්චයකාරයාද එක්කෙනෙක්ය, එනම් ගළවන්ටත් විනාශකරන්ටත් පුළුවන් තැනන්වහන්සේය. නුමුත් නුඹේ අසල්වාසියා විනිශ්චයකරන නුඹ කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 4:12
11 හුවමාරු යොමු  

අන් කෙනකුගේ සේවකයා විනිශ්චය කරන්නට ඔබ කවුරු ද? ඔහු කෙළින් සිටියත්, වැටුණත් ඒ ඔහුගේ ස්වාමියා ඉදිරියෙහි ය. ඔහු නැගිටිනු ඇත. මන්ද ඔහු නැගිටුවන්නට ස්වාමින්වහන්සේ සමත් ය.


එබැවින්, එම්බා මනුෂ්‍යය, අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරකුටවත්, නිදහසට කරුණු නැත. මන්ද අන්‍යයකුට තීන්දුව දෙන කල, ඔබ තමන්ම වරදකරුවකු ලෙස තීන්දු කරගනී. මන්ද විනිශ්චයකරු වූ ඔබ ද ඒ දේම කරන බැවිනි.


ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට බය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට බය වන්න.


සහෝදරයිනි ඔබ විනිශ්චය කරනු නො ලබන පිණිස, එකිනෙකාට එරෙහිව මැසිවිලි නො නගන්න. මෙන්න! විනිසුරුවාණෝ දොරකඩම සිටින සේක!


එබැවින්, උන්වහන්සේ මඟින් දෙවියන්වහන්සේ වෙත ළඟාවන්නන් සම්පූර්ණයෙන්, සදාතනිකව ගලවන්නට උන්වහන්සේ පොහොසත් ය. මන්ද ඔවුන් උදෙසා මැදිහත් වන්නට උන්වහන්සේ නිබඳවම ජීවත් වන සේක.


එබැවින්, තවදුරටත් එකිනෙකා විනිශ්චය කිරීම නවතමු. ඔබේ සහෝදරයාගේ මාර්ගය පැකිළවීමේ හෝ බාධකයක් වන කිසිවක් නො කිරීමට තීරණ කරගන්න.


එහෙත්, එම්බා මනුෂ්‍යය, දෙවියන්වහන්සේ හා එකට එක කීමට ඔබ කවුරු ද? “ඔබ මේ විදියට මා තැනුවේ මන්දැ?” යි මැටිවලින් තැනූ දෙයක්, එය තැනූ අයට කියයි ද?


එනමුත් ඔබ බය විය යුත්තේ කවරකුටදැයි මා පෙන්වා දෙන්නම්; ඔබේ ශරීරය නසා දැමූ පසු ඔබ නිරයේ හෙළීමට බලය ඇති තැනැන්වහන්සේට බය වන්න. ඔව්, උන්වහන්සේට බය වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්