Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 4:1 - සිංහල කාලීන පරිවර්තනය

1 ඔබ අතරේ දබර හා සටන් කොයින් ද? ඒවා පැමිණෙන්නේ ඔබේම ඉඳුරන් තුළ සටන් වදින තෘෂ්ණා නිසා නො වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ඔබ අතර ආරාවුල් හා කලකෝලාහල ඇති වෙන්නේ කෙසේ ද? ඒවා හටගන්නේ ඔබගේ ඉඳුරන් තුළ සටන් කරන තෘෂ්ණාවලින් නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 නුඹලා අතරෙහි යුද්ධත් ඩබරත් කොයින්ද? ඒවා පැමිණෙන්නේ නුඹලාගේ අවයවයන් තුළෙහි යුද්ධකරන නුඹලාගේ තෘෂ්ණාවලින් නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 4:1
24 හුවමාරු යොමු  

ප්‍රේමණීයයනි, විදේශීන් හා ආගන්තුකයින් වූ ඔබගෙන් මා උදක්ම ඉල්ලා සිටින්නේ ඔබේ ජීවයට එරෙහිව යුද වදින මාංසික තෘෂ්ණාවන්ගෙන් වැළකී සිටින ලෙසයි.


මන්ද මාංසයේ ආශා, ආත්මයාණන්වහන්සේට විරුද්ධ ය; ආත්මයාණන්, මාංසයේ ආශාවනට විරුද්ධ ය. මේ දෙපාර්ශ්වය අතර ඇති ප්‍රතිවිරෝධය, ඔබ කැමති දේ කිරීමෙන් ඔබ වළක්වයි.


එහෙත් මගේ මනසේ නීතියට එරෙහිව මගේ ඉන්ද්‍රියයන් තුළ වෙනත් නීතියක් යුද වැද, මගේ ඉන්ද්‍රියයන් තුළ වෙසෙන පාපයේ නීතියට මා වසඟ කරවනු මට පෙනේ.


මාංසයේ රැඳවෙන මනස, දෙවියන්වහන්සේට විරුද්ධ ය. මන්ද එය දෙවියන්වහන්සේගේ නීතියට යටත් නැත. ඇත්තෙන්ම යටත් කළ නො හැකි ය.


එහෙත් එක් එක් මනුෂ්‍යයා පොලඹවනු ලබන්නේ, තමාගේම තෘෂ්ණාවනට වසඟ වී ඉන් ඇවිස්සුණු කල්හි ය.


කීකරු දරුවන්ව, පෙර නො දැනුවත්කමේ කාලයේ වූ දැඩි ආශාවනට අනුකූල නො වී,


එබැවින් ලිංගික අනාචාරය ද අපවිත්‍රකම ද කාම තෘෂ්ණා ද විකෘති ආශා ද රූප වැඳීම වන තණ්හාව ද යන ඔබේ භූමික වූ දෑ නසාලන්න.


සියල්ලට පළමු, ඔබ වටහා ගත යුත්තේ මෙයයි. එනම්, සත්‍යයට ගරහමින් තමන්ගේම දුෂ්ට තෘෂ්ණා අනුව කටයුතු කරන ගරහන්නන් අවසන් දවස්හිදී පැමිණෙන වගයි.


ඉල්ලුවත් ඒවා ඔබට නො ලැබෙන්නේ, ඔබේ තෘෂ්ණාවලට වැය කිරීමට ඔබ වැරදියට ඉල්ලන බැවිනි.


මන්ද වරදෙහි ගැලෙන්නවුන් වෙතින් මිදී ආ නවකයින් වෙත හිස් වචන ද පුරාජේරු කතා හා පවිටු මිනිස් ස්වභාවේ රාගික පෙලඹවීම් ද පානා ඔවුහු,


කලක් අපත් අනුවණව හා අකීකරුව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල්ව ඊර්ෂ්‍යාවෙන් යුතුව අපගේ දවස් ගත කළෙමු.


එහෙත් අනුවණ තර්ක ද වංශ පරම්පරා හා වාද විවාද හා දහම් නීති ආරවුල් යනාදියෙන් වැළකී සිටින්න. ඒවා අවැඩදායක ය; නිෂ්ඵල ය.


මාංසයෙහි අප ජීවත් වූ කාලයේ දහම් නීතියෙන් පොලඹවනු ලැබූ අපගේ පාප තෘෂ්ණා, අප ඉඳුරන් තුළ ක්‍රියාත්මක වූයේ, මරණයට පල උපද්දවමිනි.


මන්ද දුෂ්ට සිතිවිලි, මිනී මැරුම්, පරදාර සේවනය, ලිංගික අපචාර, සොරකම්, බොරු සාක්ෂි හා නින්දා අපහාස පැන නැගෙන්නේ හදවතිනි.


නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි.


මෝඩ, අනුවණ වාදවලට සම්බන්ධ නො වන්න. ඒවායින් උපදින්නේ අඩ දබර බව ඔබ දනී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්