Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 3:13 - සිංහල කාලීන පරිවර්තනය

13 ඔබ අතරේ නැණවතා හා බුද්ධිමතා කවුරු ද? ඔහු ඒ වග ප්‍රඥාවේ මෘදුකමින් තම ක්‍රියා, තම යහපත් පැවැත්මෙන් පෙන්නුම් කරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඔබ අතර පැණවත් නැණවත් යමෙක් සිටී ද? එසේ නම් ඔහු තමාගේ සදාචාරයෙන් ද ප්‍රඥාවෙන් ඇති වන විනීත ක්‍රියාවලින් ද එය ප්‍රකාශ කෙරේ වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම්ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 3:13
46 හුවමාරු යොමු  

මෘදුකම හා ආත්ම දමනයයි. මේවාට එරෙහි නීතියක් නැත.


එහෙත් ඉහළින් එන ප්‍රඥාව පළමු කොට පවිත්‍ර ය; ඊ ළඟට සාමකාමී ය; මෘදු ය; විවෘත ය; දයාවෙන් හා යහපත් පලයෙන් පූර්ණ ය; අපක්ෂවාදී ය; අවංක ය.


මෘදු ගුණ ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු පොළොව උරුම කර ගන්නෝ ය.


එබැවින්, දෙවියන්වහන්සේ තෝරාගත් ශුද්ධවූත්, ප්‍රේමණීයවූත් ජනයා වන ඔබ, අනුකම්පාව ද කරුණාව ද නිහතමානීත්වය ද මෘදුකම ද ඉවසිලිවන්තකම ද පැලඳ ගන්න.


ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීයව පැවත සිටින්න.


කිසිවකු ගැන නපුරක් නො කිව යුතු බැව් හා අඬදබරවලින් වැළකී, ආචාර සම්පන්නව, හැමදෙනා ඉදිරියේ සැබවින් නිහතමානීව සිටිය යුතු බැව් ද යන වශයෙනි.


විරුද්ධවාදීන්ට මෘදු ලෙස උපදෙස් දෙන්නකු විය යුතු ය. ඇතැම් විට, ඔවුන්ට සත්‍යය දැනගැනීමට මඟ පෙන්වන පසුතැවිල්ලට දෙවියන්වහන්සේ ඔවුන් පමුණුවනු ඇත.


කුමක් වෙතත්, ඔබගේ ජීවන රටාව ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට ඔබින අයුරින් හසුරුවා ගන්න. එවිට මා අවුත්, ඔබ හමුවෙතත්, නෑවිත් ඔබ ගැන තොරතුරු අසනවා පමණක් වුවත්, ඔබ එකම ආත්මයෙන් තිරසරව සිටින බවත්, ශුභාරංචියේ ඇදහිල්ල උදෙසා එකාවන්ව සටන් වදින බවත්,


එහෙත් දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබ මේ හැම වෙතින් පලා ගොස්, ධර්මිෂ්ඨකම ද දේව භක්තිය ද ඇදහිල්ල හා ප්‍රේමය ද තිරසර බව හා මුදු මෙලෙක් ගුණය ද හඹා යන්න.


එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්.


එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේම භුක්තිය වූ ජනතාවකි.


එබැවින් සියලු අපවිත්‍රතා හා ගහණව ඇති දුෂ්ටකම ඉවත ලා, ඔබගේ ආත්මය ගලවන්නට සමත්, ඔබ තුළ පැළ කරන ලද වචනය මෘදු ලෙස පිළිගන්න.


ඔබ තරුණ නිසා ඔබ සුළු කොට තකන්නට කිසිවකුට ඉඩ තබන්නේ නැතිව, කතාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පවිත්‍රතාවෙන් ඇදහිලිවතුන් හමුවේ ඔබම ආදර්ශයක් වන්න.


ඔබ හා මුහුණට මුහුණ හමු වූ කල යටහත් වූ, එහෙත් ඈත්ව සිටියදී ඔබ කෙරේ එඩිතර මම, පාවුල්, ක්‍රිස්තුස්වහන්සේගේ මෘදු ගුණයෙන් හා විනීතභාවයෙන් යුතුව ඔබගෙන් අයැදීමක් කරමි.


මා හදවතින් මෘදුව, යටහත්ව සිටින බැවින් මගේ වියගහ කරට ගෙන, මගෙන් ඉගෙන ගන්න; එවිට ඔබගේ ජීවාත්මයට සහනය ලැබේ.


මා සහෝදරයිනි, ඔබගෙන් බොහෝ දෙනෙක් ගුරුවරුන් නො විය යුතු ය. මන්ද ඔබ දන්නා පරිදි ගුරුවරුන් වන අප වඩා දැඩි ලෙස විනිශ්චය කරනු ලබනු ඇත.


සපුරාම නිහතමානී වන්න; මොළොක් ගුණයෙන් යුතු වන්න; ප්‍රේමයෙන් එකිනෙකා දරා ගනිමින්, ඉවසිලිමත් වන්න.


හැම කෙනකුම, තම ක්‍රියා කලාපය තමන්ම තක්සේරු කර ගනිත්වා; එවිට තමාම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළම ය; තම අසල්වැසියා තුළ නො වේ.


සහෝදරයිනි, යමකු නොපනත්කමක් කරද්දී අසු වුවහොත්, ආත්මික වූ ඔබ මෘදුකමින් යුතුව යළි ඔහු හරි මඟට ගෙන ආ යුතු ය. තමන් ගැනත් පරෙස්සම් වන්න; පරීක්ෂාවට නො වැටෙන්නට වගබලා ගන්න.


එබැවින් ඔබගේ ප්‍රේමයේ සාක්ෂියත්, ඔබ ගැන අපගේ පාරට්ටුවත් සභා ඉදිරියේ මේ මිනිසුන්ට ඔප්පු කර පෙන්වන්න.


“ ‘ඔන්න, ඔබේ රජ නිහතමානීව, බූරුවකු පිට නැගී, කොටළු වස්සකු පිට නැගී, ඔබ වෙත එතැ’ යි සියොන් දියණියට කියන්න” යනුයි.


දෙවියන්වහන්සේ හමුවේ ඉතා අනර්ඝ විනීත හා ශාන්ත ජීවගුණයෙන් යුතු හදවතේ ඇතුළාන්ත ස්වභාවයේ නො දිරන ලස්සනක් වේවා.


ලජ්ජා සහගතයි! සහෝදරයින් අතරේ ආරවුලක් විසඳීමට ප්‍රඥාවත් එක්කෙනෙක්වත් ඔබ අතරේ නො විය හැකි ද?


“එබැවින් මාගේ මේ වචන අසා, ඒවා ක්‍රියාවට නගන හැම කෙනෙක්ම, පර්වතය පිට තම ගේ හැදූ නැණවතකුට සමාන ය.


මුදලට ආලය වීමෙන් මිදී, දිවි ගෙවන්න. තමනට ඇති දෙයින් සෑහී සිටින්න. මන්ද, “කොහෙත්ම මම ඔබ හැර නො යමි; කිසි කල ඔබ අත්හැර නො දමමි” යි උන්වහන්සේ පවසා තිබේ.


ඔබ කැඳවූ තැනැන්වහන්සේ ශුද්ධව සිටින්නා සේ, ඔබත් ඔබගේ මුළු හැසිරීමෙන් ශුද්ධව සිටින්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්