Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 2:14 - සිංහල කාලීන පරිවර්තනය

14 මා සහෝදරයිනි, කෙනෙක් තමන්ට ඇදහිල්ල ඇතැයි කියන නමුත් ක්‍රියා නැතිනම්, එවැනි ඇදහිල්ලකට ඔහු ගැලවිය හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැයි යමෙක් කියන නුමුත් ක්‍රියාවල් නැත්නම් මොන ප්‍රයෝජනයක්ද? ඒ ඇදහිල්ල නිසා ඔහුට ගැළවෙන්ට පුළුවන්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 2:14
31 හුවමාරු යොමු  

එහෙත් අසන නමුදු ඒවා නො පිළිපදින්නා, අත්තිවාරම් නො දමා බිමෙහි ගෙයක් තැනූ මිනිසකුට සමාන ය. සැඩ පහර ගැසූ කෙණෙහිම ඒ ගෙය කඩා වැටුණි. එහි විනාශය ද බරපතළ ය.”


තමන් දෙවියන්වහන්සේ දනිතැයි ඔවුහු කියා ගනිති. එහෙත් තම ක්‍රියාවලින් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරති. ඔවුන් පිළිකුලක් ය; අකීකරු ය; කිසි යහපත් ක්‍රියාවකට නුසුදුසු ය.


මේ හේතුව නිසා, හැම උත්සාහයක්ම දරමින් ඔබේ ඇදහිල්ලට සදාචාරය ද සදාචාරයට දැනගැන්ම ද


ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්‍රියා නැති ඇදහිල්ල ද මළ එකකි.


පරීක්ෂා කරනු ලැබූ කල, ආබ්‍රහම් ඊසාක් ඔප්පු කළේ ඇදහිල්ලෙනි; පොරොන්දුව ලැබ සිටි තැනැත්තා තම එකම පුත්‍රයා පූජා කරන්නට වූයේ,


සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.


මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.


එහෙත් කෙනෙක් කතා කොට, “ඔබට ඇදහිල්ල තිබේ; මට ක්‍රියා තිබේ” යි කියයි. ඔබේ ක්‍රියාවලින් තොරව ඔබේ ඇදහිල්ල මට පෙන්වන්න. මම මගේ ක්‍රියාවලින් මගේ ඇදහිල්ල පෙන්වන්නම්.


මේ සම්බන්ධ කිසි අයිතියක් හෝ පංගුකාරකමක් නුඹට නැත. මන්ද ඔබේ හදවත දෙවියන්වහන්සේ ඉදිරියේ හරි නැත.


මන්ද ඔබගේ ධර්මිෂ්ඨකම, පරිසිවරුන්ගේ හා දහම් පඬිවරුන්ගේ ධර්මිෂ්ඨකම ඉක්මවන්නේ නැතිනම්, කිසි කල ස්වර්ග රාජ්‍යයට ඔබ ඇතුළු වන්නේ නැත.


මේ කියමන විශ්වාසනීය ය; දෙවියන්වහන්සේ තුළ විශ්වාසය තැබූවන්, යහපත් ක්‍රියා කිරීමට තමන්ම කැපවීමට උනන්දු වන පිණිස, මේ දෑ ගැන ඔබ වැඩි අවධානයක් යොමු කිරීම මාගේ කැමැත්තයි. මේ දෑ හැම කෙනකුටම විශිෂ්ට ය; වැඩදායක ය.


ඒ ලෙස අණ කිරීමේ අරමුණ පිරිසිදු හදෙකින්, යහපත් හෘදය සාක්ෂියකින් හා අවංක ඇදහිල්ලෙන් පැන නඟිනා ප්‍රේමයයි.


ඔබගේ ඇදහිල්ලේ ක්‍රියාව ද ඔබගේ ප්‍රේමයේ වෙහෙසීම ද යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබගේ බලාපොරොත්තුවෙන් උපදනා නො පසුබට වීර්යය ද ගැන අපගේ දෙවියන්වහන්සේ හා පියාණන්වහන්සේ ඉදිරියේ නිබඳව අපි සිහි කරන්නෙමු.


මන්ද, මා සහෝදරයිනි, ඔබ කැඳවනු ලැබ ඇත්තේ නිදහස්කමට ය. එහෙත් ඒ නිදහස මාංසය පිනවීමට නො ව, එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමට යොදන්න.


ඒ මඟින් ඔබ ගැලවීම ලබන්නේ ද මා ඔබට පැවසූ වචනය ඔබ තරකොට අල්ලා ගතහොත් ය. නැතහොත් ඔබ විශ්වාස කර ඇත්තේ නිෂ්ඵලව ය.


ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මඟින් ඔවුන්ගේ හදවත් පවිත්‍ර කළ සේක.


ඔවුන්ගේ එම ශාරීරික අවශ්‍යතා සපුරන්නේ නැතිව, ඔබගෙන් කෙනකු කතා කොට, “සාමයෙන් යන්න; ගොස් උණුසුම් වී, බඩ පුරා කන්නැ” යි කියයි නම්, ඉන් වන සෙත කුමක් ද?


ශාරීරික අභ්‍යාසයේ යම් වටිනාකමක් ඇත. එහෙත් මේ ජීවිතයට මෙන්ම මතු ජීවිතයට ද පොරොන්දු දරා සිටින දේව භක්තිවන්තකම හැම අතින්ම වටින්නේ ය.


සීමොන් ද විශ්වාස කර, බව්තීස්ම කරනු ලැබී ය. පිලිප් යන යන තැන ඔහු පසුපස ගිය හෙතෙම, පිලිප් දැක්වූ බලවත් ලකුණු හා හාස්කම් දකිමින් විස්මපත් වූයේ ය.


යමෙක් ස්වාමින්වහන්සේට ප්‍රේම නො කරනවා නම්, ඔහු ශාප ලද්දෙක්ම වේවා! අපගේ ස්වාමින්වහන්ස, එනු මැනව!


දහම් නීතියට ඔබ කීකරු වේ නම්, චර්ම-ඡේදනයෙහි සැබෑවටම වටිනාකමක් ඇත. එහෙත් ඔබ දහම් නීතිය කඩ කරනවා නම්, චර්ම-ඡේදනය ඔබට චර්ම අඡේදනයක් වෙයි.


ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින්, “අඳන දෙකක් ඇති තැනැත්තා, නැති කෙනකු හා බෙදා ගනිත්වා. ආහාර ඇති අය ද එසේම කරත්වා” යි කීවේ ය.


නො රැවටෙන්න මා ප්‍රේමණීය සහෝදරයිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්