Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යාකොබ් 1:9 - සිංහල කාලීන පරිවර්තනය

9 පහත්ව සිටින සහෝදරයා, පාරට්ටු කර ගත යුත්තේ තම උසස්වීම ගැන ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුමුත් පහත් අඩියක සිටින සහෝදරයා තමාගේ උසස්වීම ගැනද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යාකොබ් 1:9
25 හුවමාරු යොමු  

ශෝක වන්නන් ලෙස නමුදු, අප නිතරම ප්‍රීතියෙනි; දුප්පතුන් ලෙස නමුදු, බොහෝ දෙනකු ධනවත් කරමිනි; කිසිවක් නැතියවුන් ලෙස නමුදු, හැම දෙයක්ම හිමි ලෙසිනි.


“ඔබගේ පීඩා ද ඔබගේ දිළිඳුකම ද දනිමි. එහෙත් ඔබ ධනවත් ය! යුදෙව්වන් නො වන නමුත් තුමූ යුදෙව්වන්ය කියා ගන්නා, සාතන්ගේ සිනගෝගයට අයත් වූවන්ගේ අපවාද ද මම දනිමි.


උන්වහන්සේ අධිපතීන් ඔවුන්ගේ සිංහාසනවලින් පහකර, නිහතමානීන් ඔසවා තැබූ සේක.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගෙන් වූ ස්වර්ගීය කැඳවීමේ දිනුම ලබන්නට දිනුම් කණුව කරා පෙරට දුවන්නෙමි.


මන්ද සැබෑ චර්මඡේදිතයෝ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් නමස්කාර කරන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටු කරන, මාංසය කෙරේ විශ්වාසය නො තබන අපිම ය.


දරුවෝ උරුමකරුවෝ ය; දෙවියන්වහන්සේගේ උරුමකරුවෝ ය; ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමකරුවෝ ය; එසේ වන්නේ, උන්වහන්සේ සමඟ තේජසට පමුණුවනු ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක් විඳීමට හවුල් වීමෙන් ය.


කෙසේ වෙතත් ඒ යක්ෂාත්ම ඔබට යටත් වන නිසා ප්‍රීති නො වී, ඔබගේ නාම ස්වර්ගයේ ලියවී ඇති නිසා ප්‍රීති වන්නැ” යි පැවසූ සේක.


“මාගේ නාමයෙන් මේ දරුවා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා පිළිගනියි; මා පිළිගන්නා යමෙක් වේ ද, ඔහු මා එවූ තැනැන්වහන්සේ පිළිගනියි. මන්ද ඔබ අතරේ වඩා උත්තමයා, ඔබ අතරේ ඉතාම සුළු තැනැත්තා” යි පැවසූ සේක.


එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේම භුක්තිය වූ ජනතාවකි.


මන්ද තමාම උසස් කරගන්නා හැම කෙනෙක්ම පහත් කරනු ලැබේ. තමාම පහත් කරගන්නා තැනැත්තා උසස් කරනු ලැබේ” යි කී සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්