Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 4:9 - සිංහල කාලීන පරිවර්තනය

9 ඔබ කවරක් මාගෙන් උගත්තේ ද කවරක් මාගෙන් ලැබුවේ ද ඇසුවේ ද කවරක් මා තුළ දුටුවේ ද ඒවා ක්‍රියාවට නගන්න. එවිට සාමයේ දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔබ මාගෙන් ඉගෙනගත්, මා ඔබට භාරදුන්, මා කියනු ඇසූ, මා කරනු දුටු, සියල්ල ක්‍රියාවෙහි යොදවන්න. එවිට සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ සමඟ වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔබ මාගෙන් ඉගෙනගත්, මා ඔබට භාරදුන්, මා කියනු ඇසූ, මා කරනු දුටු, සියල්ල ක්‍රියාවෙහි යොදවන්න. එවිට සාමදානයේ දෙවියන් වහන්සේ ඔබ සමඟ වන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 නුඹලා ඉගෙනගත්තාවූ, පිළිගත්තාවූ, මා තුළ තිබෙන බව ඇසුවාවූ, දුටුවාවූ දේවලුත් කරන්න. එවිට සමාදානයේ දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිටිනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 4:9
36 හුවමාරු යොමු  

එහෙත් එය අසන්නන් පමණක් නො වී, තමන් නො රවටාගෙන, වචනය පිළිපදින්නන් වන්න.


සහෝදරයිනි, එක්ව මා අනුගමන කරන්නන් වෙමින්, අප ඔබට පෙන්වා දුන් ජීවන රටාව අනුව යන්නන් ආදර්ශයට ගන්න.


එබැවින් මා සහෝදරයිනි, ඔබගේ කැඳවීමත්, තෝරාගැන්මත් සහතික කරන පිණිස, වඩ වඩා උත්සුක වන්න. ඔබ එසේ ක්‍රියා කරනවා නම් කිසි දින ඔබ පැකිළෙන්නේ නැත.


දැන් ඔබ මේවා දන්නා නිසා, ඔබ ඒවා පිළිපදිනවා නම් ඔබ භාග්‍යවන්තයි.


එවිට, සියලු අවබෝධ ඉක්මවා යන දෙවියන්වහන්සේගේ සාමය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබගේ හදවත් ද ඔබගේ මනස ද ආරක්ෂා කරනු ඇත.


සාමයේ දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින්ම ඔබගේ පා යට සාතන් පොඩිකර දමනු ඇත. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ කරුණා-අනුග්‍රහය ඔබ සමඟ වේවා!


සහෝදරයිනි ප්‍රීතිවන්න! සම්පූර්ණත්වය අරමුණු කරගන්න. එකිනෙකා ධෛර්යවත් කරන්න. එකිනෙකා හා එකඟ වන්න. සාමයෙන් ජීවත් වන්න. ප්‍රේමයේත්, සාමයේත් දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.


“මා කියන දේ නො කර, ‘ස්වාමිනි, ස්වාමිනි’ යි මා අමතන්නේ මන්ද?


මා ඔබට අණ කළ හැම දේටම කීකරු වීමට ඔවුන්ට උගන්වමින් ද එසේ කරන්න. සැබවින් ම යුගයේ අවසානය දක්වා නිරතුරුව මම ඔබ සමඟ සිටිමි” යි පැවසූ සේක.


“ස්වර්ගයේ සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස, මට ‘ස්වාමිනි, ස්වාමිනි,’ යි කියන හැම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු වන්නේ නැත.


අප ඔබට අණ කළ දෑ ඔබ ඉටු කරන බවටත්, දිගටම එසේ කරගෙන යන බවටත් ඔබ ගැන ස්වාමින්වහන්සේ තුළ අපට විශ්වාසය තිබේ.


දැඩි පීඩා අතරදීත්, ශුද්ධාත්මයාණන්ගෙන් ලද ප්‍රීතියෙන් යුතුව පණිවුඩය පිළිගැනීමෙන් ඔබ අපත්, ස්වාමින්වහන්සේත් අනුකරණය කරන්නන් වූහ.


සාමයේ දෙවියන්වහන්සේම, ඔබ මුළුමනින් පවිත්‍ර කරන සේක්වා! යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ ආගමනයේදී ඔබගේ මුළු ආත්මයත්, ජීවයත්, ශරීරයත් දෝෂ රහිතව තබනු ලැබේවා!


සාමයේ දෙවියන්වහන්සේ ඔබ හැම සමඟ වන සේක්වා! ආමෙන්.


එවිට උන්වහන්සේගේ මෑණියෝ සේවකයින් අමතා, “උන්වහන්සේ කියන කවර දෙයක් වුවත් කරන්නැ” යි කීවා ය.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “මාගේ මෑණියන් හා මාගේ සහෝදරයින් වන්නේ දෙවියන්වහන්සේගේ වචනය අසා, ඒවා පිළිපදින අය යැ” යි පැවසූ සේක.


සහෝදරයිනි ඔබ, යුදයෙහි ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ සභාවන් අනුකරණය කරන්නන් බවට පත්ව ඇත්තේ එහි සභා, යුදෙව්වන්ගෙන් විඳි හිරිහැරම ඔබත් ඔබගේ රට වැසියන්ගෙන් විඳීමෙනි.


එබැවින්, ඔබ කතත්, බොතත්, අන් කවර දෙයක් කරතත් ඒ සියල්ල දෙවියන්වහන්සේට මහිමය පිණිස කරන්න.


“දැන් නැගිට පුරවරයට යන්න. ඔබ විසින් කළ යුතු දෑ එහිදී ඔබට දන්වනු ඇතැ” යි පැවසූහ.


ස්වාමින්වහන්සේ ඔබගේ ආත්මය සමඟ වේවා! අනුග්‍රහය ඔබ සමඟ වේවා.


මන්ද දෙවියන්වහන්සේ, වියවුල්කමේ නො ව, සාමයේ දෙවියන්වහන්සේ ය. ශුද්ධවන්තයින්ගේ හැම සභාවක් තුළම තිබෙන පරිදි එසේ ය.


මා ඔබට අණ කළ දෑ ඔබ පිළිපදින්නේ නම්, ඔබයි මගේ මිත්‍රයෝ.


එවිට අප ඉල්ලන කවර දෙයක් වුව උන්වහන්සේගෙන් අපට ලැබේ. මන්ද අප උන්වහන්සේගේ ආඥා පිළිපදින බැවින් හා උන්වහන්සේ ප්‍රිය මනාප දේ කරන බැවිනි.


එනම්, “මෙන්න, කන්‍යාව ගැබ් ගෙන පුතකු බිහි කරන්නී ය; ඔවුන් එම්මානුවෙල් නමින් උන්වහන්සේ අමතනු ඇත” යන්නයි. (එහි අරුත “දෙවියන්වහන්සේ අප සමඟ ය” යනුයි.)


එබැවින් මා ආදර්ශයට ගන්නා මෙන් උදක්ම ඔබෙන් ඉල්ලමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්